
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ රාජකාරී වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඊට අදාළ ලිපිය ඊයේ නිකුත් කර ඇත.
අදාළ ලිපියේ දැක්වෙන්නේ වගකිවයුතු තනතුරක් දරන රජයේ වෛද්‍ය නිලධාරියකු ලෙස විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවන ආකාරයෙන් සහ මහජන නොසන්සුන්තාවක් ඇතිවන ආකාරයෙන් කටයුතු කරමින් ජනමාධ්‍ය වෙත ඔහු ප්‍රකාශ සිදුකර ඇති බවයි.
ඒ අනුව ඔහු විසින් සිදු කරන ලද අදාළ විෂමාචාර ක්‍රියාව හේතුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ ලේකම්ගේ 2025- 12 -17 දිනැති ලිපියේ නියමයන්ට අනුව ආයතන සංග්‍රහයේ දෙවැනි කාණ්ඩයේ නියමයන්ට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කිරීම සිදුකරන බව අදාළ ලිපියේ සඳහන් වේ.
ඔහු භාරයෙහි ඇති බඩුබාහිරාදිය ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විසින් නියම කරන අයකුට භාර දෙන ලෙසත් වැඩ තහනම් කර සිටින කාලය තුළ දිවයිනයෙන් බැහැරව නොයා යුතු බවත් පදිංචි ස්ථානයේ ලිපිනය වෙනස් වන්නේ නම් එයද දැනුම් දිය යුතු බවත් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කළ ලිපියේ සඳහන්වේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකිරීමෙන් පසු ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ දී වෛද්‍ය බෙල්ලන ඔහුගේ රෝග තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබිණි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart