
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පහතරට එළවළු තොග සැපයුම සියයට 80කින් පමණ පහළ ගොස් මාළු මිරිස් සහ අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් දහස ඉක්මවා ඊයේ (18දා) අලෙවි වූ බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ අනුශාසක යූ. බී. ඒකනායක පවසයි.
කැරට්, ලීක්ස් ඇතුළු පොළව තුළ අස්වැන්න හට ගන්නා එළවළු තොග සැපයුම සාමාන්‍ය මට්ටමක පැවති බවත් මල්වලින් අස්වැන්න හට ගන්නා එළවළු තොග සැපයුම පහළ මට්ටමක පැවති බවත් හෙතෙම සඳහන් කරයි.
දිනපතා එළවළු කිලෝ ලක්ෂ 08-10 ක් පමණ ලැබෙන දඹුල්ල තොග වෙළෙඳපොළට ඊයේ එළවළු කිලෝ ලක්ෂ 03 – 04ක් පමණ ලැබී තිබෙන බවත් පහතරට කලාපවලින් එළවළු තොග සැපයීම ඉතාම අඩු මට්ටමක පැවති බවත් ඒකනායක පෙන්වාදෙයි.
මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 1200ක් දක්වා ඉහළ මිලකටද, අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 1000 – 1100ක් දක්වා මිලකට ද අලෙවි වී ඇත.
මේ අතර බෝංචි කිලෝවක් 450 -500 ක් දක්වාත් තක්කාලි, වම්බටු සහ බීට් කිලෝවක තොග මිල රුපියල් 450-500 දක්වාත් මිලකට අලෙවි විය. කැරට් සහ ලීක්ස් කිලෝවක තොග මිල 220ක් සහ ගෝවා කිලෝවක් රුපියල් 180ක්, වට්ටක්කා කිලෝවක් රුපියල් 80-100 ත් ලෙස අලෙවිවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart