
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටේ ප්‍රධාන නගරවල පිහිටි වාණිජමය වශයෙන් වටිනා ඉඩම් ආයෝජකයන්ට ලබාදීමට පියවර ගන්නා බවත්, එවැනි පියවරක් රටේ ආර්ථික වර්ධනයට ඉවහල් වන බවත් නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු පවසයි.
“ප්‍රධාන නගරවල, විශේෂයෙන්ම කොළඹ නගරයේ වාණිජ වටිනාකමක් ඇති දේපළ තිබෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් වන අයුරින් ඒවා නව ආයෝජකයන්ට බෙදා දීමට තීරණය කර තිබෙනවා” යැයි රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.
හෙතෙම මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර දේශයක් සඳහා සාමූහික මාවත’ තේමා කර ගනිමින් ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
දැනට කොළඹ රජය සතු ඉඩම් ව්‍යාපෘති සඳහා ලබාදී ඇති ආයෝජකයන්ට, එම ව්‍යාපෘති ආරම්භ කිරීම පිළිබඳ අවසන් දැනුම්දීම ලබාදී ඇති බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.
දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති අවසන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට වත්මන් ආයෝජකයන් අපොහොසත් වුවහොත් රජය මැදිහත් වී එම ව්‍යාපෘති රජයට පවරා ගන්නා බවද ඔහු අවධාරණය කළේය.
එවැනි තත්වයක් තුළ, රජය විසින් අදාළ ව්‍යාපෘති ඉදිරියට ගෙනයෑමට කැමති නව ආයෝජකයන්ට ඒවා වෙන් කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart