December 18, 2025

ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා බදාදා (17) කොළඹ පිහිටි ඉන්දීය මන්දිරයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් හමුව තිබේ.

එහිදී ඔවුන් දෙදෙනා ඩිට්වා සුළිකුණාටුවේ බලපෑම සහ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් මානුෂීය ආධාර පිළිබඳව සාකච්ඡා කර ඇත.

මෙම හමුවේදී, විශේෂයෙන් ඩිට්වා සුළිකුණාටුවෙන් ශ්‍රී ලංකාවේ සිදු වූ හානිය සහ ඉන් පසුව ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් මානුෂීය ආධාර පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

ඩිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට ඉන්දීය රජය විසින් ලබාදුන් ක්ෂණික සහාය සඳහා ජීවන් තොණ්ඩමන් ඉන්දීය රජයට සහ මහකොමසාරිස් සන්තෝෂ් ජාට සිය කෘතඥතාව පළකර ඇත.

ව්‍යසනය හේතුවෙන් වතුකරය ඇතුළු උඩරට ප්‍රදේශවල වත්මන් තත්ත්වය පිළිබඳව ද ඔහු ඉන්දීය තානාපතිවරයාට විස්තරාත්මකව දැනුම්දී තිබේ.

ඊට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකාවේ යථාතත්ත්වයට පත්වීම සඳහා ඉන්දියාව අඛණ්ඩව සහාය ලබාදෙන බවට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ජීවන් තොණ්ඩමන්ට සහතික වී ඇත.