
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින ශක්තිමත් හවුල්කාරීත්වය සහ ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය සඳහා වූ අඛණ්ඩ සහාය පළකරමින් යුරෝ මිලියන 2.35කට අධික මානුෂීය ආධාර තොගයක් මෙරටට එවා තිබේ.
මෙයට IFRC මගින් යුරෝ 500,000ක් සහ DG-European Civil Protection and Humanitarian Aid Operations (ECHO) හවුල්කරුවන්, WFP සහ UNICEF මගින් ලබා දුන් යුරෝ මිලියන 1.85ක් ඇතුළත් වේ.
එමෙන්ම Union Civil Protection Mechanism (UCPM) අයත් රජ්‍යයන් 37ක්, යුරෝපා සංගම් සාමාජික රටවල් 27ක් මෙන්ම ඇල්බේනියාව, බොස්නියාව සහ හර්සගොවිනා, අයිස්ලන්තය, මෝල්ඩෝවා, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව, නෝර්වේ, සර්බියාව, තුර්කිය සහ යුක්රේනය යන රටවල් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර සැපයීමට දායක වී ඇත.
UCPM මානුෂීය ආධාර සැපයීමේ කොටසක් ලෙස ඊයේ (17) ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර තොගයක් ලැබුණු අතර ජර්මනිය, ප්‍රංශය සහ ලක්සම්බර්ග් සිට භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් දෙකක් කොළඹට පැමිණයේය.
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති Carmen Moreno, ප්‍රංශ තානාපති Rémi Lambert සහ ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Sarah Hasselbarth විසින් එම මානුෂීය ආධාර තොගය මෙරටට නිල වශයෙන් භාරදුන් අතර, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකාව සඳහා අධ්යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ චතුර ලියනාරච්චි එම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම මානුෂීය ආධාර තොගයට කූඩාරම්, මෙට්ට, සනීපාරක්ෂක සහ මුළුතැන්ගෙය කට්ටල, ඇඳන් සහ ජල පෙරහන් වැනි සහනාධාර ටොන් 83ක් ඇතුළත් වේ.
මෙම ද්‍රව්‍යමය ආධාර සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් කඩිනමින් බෙදාදීමට නියමිතය.
මේ අතර මෙරට ආපදා තක්සේරු කිරීම් සහ ප්‍රතිසාධන ක්‍රියාවලියට සහාය වීම සඳහා ඉතාලියේ ඉංජිනේරුවන් කණ්ඩායමක්ද මෙරටට එවා තිබෙන අතර, යුරෝපා සංගමයේ කෝපර්නිකස් හදිසි කළමනාකරණ සේවාව (EMS) වේගවත් සිතියම්කරණය මගින් මේ වන විට සිතියම් 30ක් පමණ නිර්මාණය කරමින් ඉදිරිපත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart