December 5, 2025

අහිකුණ්ඨක කාන්තාවක සතුව සිටි රිළවකු උණවටුන වෙරළ තීරයේ දී සංචාරකයකු සපා කෑම නිසා එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

රිළවකු සහ නාගයකු යොදාගනිමින් රංගනයක් ඉදිරිපත් කරමින් සිටි අතරතුර මෙම සපා කෑම සිදුව ඇත.

උණවටුන හෝටලයක නවාතැන් ගෙන සිටි ලෙබනන සංචාරකයකු වෙරළ දිගේ ඇවිදිමින් සිටියදී අහිකුණ්ඨක රංගනය දැක එය නැරඹීමට පැමිණ ඇත.

ඇය රංගනය නරඹමින් සිටියදී රිළවයා පැන ඇයව සපා කා ඇති අතර එමඟින් ඇයට තුවාල සිදුවී තිබේ.

ඇයගේ පැමිණිල්ල විභාග කළ හබරාදුව පොලිසිය අහිකුණ්ඨක කාන්තාව අත්අඩංගුවට ගෙන සංචාරක කාන්තාව රෝහලට ඇතුළත් කර ඇත.

සැකකාරිය තිරුක්කෝවිල් ප්‍රදේශයේ අයෙකි.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.