
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියකු ලෙස ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු තවත් ව්‍යාජ ලේඛන සකස් කළ අයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පානදුර ප්‍රදේශයේ පුද්ගලයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත කරන ලද විමර්ශනයකට අදාළව සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, ගොරකපොල ප්‍රදේශයේ පදිංචි, පනාගොඩගේ ශ්‍රී චතුර විමුක්ති ප්‍රේමනාත් යන අයයි.
ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ ලිපි ශීර්ෂ සකස් කරමින් 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 124 වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.
පසුගිය 03 වැනිදා ප.ව.6.58ට පමණ පානදුර නගරයේ බස් නැවතුම්පළ ඉදිරියේ දී අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart