
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දියමන්ති සහිත ලොකට්ටුවක් සොරකම් කිරීමට එය ගිල දැමූ නවසීලන්ත ජාතිකයකුගේ උත්සාහය ව්‍යර්ථ වී තිබේ.
ලොකට්ටුව ගිල දැමූ සැකකරු පොලිසිය විසින් හසුකරගෙන ඇති අතර පසුව එය වෛද්‍ය මැදිහත්වීමකින් තොරව ‘ස්වාභාවික’ ආකාරයෙන් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
සැකකරු විසින් මෙලෙස ගිලදමා තිබුණේ නවසීලන්ත ඩොලර් 33,585ක් (අමෙරිකානු ඩොලර් 19,300) වටිනා ෆේබර්ජ් බිත්තර හැඩයේ ලොකට්ටුවකි.
මධ්‍යම ඕක්ලන්ඩ් හි පැට්‍රිජ් ජුවලර්ස් වෙත පමිණි 32 හැවිරිදි සැකකරු ලොකට්ටුව ගිලදැමූ බවට චෝදනා ලැබ මිනිත්තු කිහිපයකට පසුව පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
එහෙත් ලොකට්ටුව නැවත ලබා ගත හැකි වී ඇත්තේ ඉන් සතියකට පමණ පසුවය.
ස්වර්ණාභරණ වෙළෙන්දාගේ වෙබ් අඩවියට අනුව, ගිල දැමූ ලොකට්ටුව සුදු දියමන්ති 60ක් සහ නිල් මැණික් 15කින් සකසා ඇති අතර එය විවෘත කිරීමෙන් කැරට් 18ක රන් කුඩා බූවල්ලකු දැකගත හැකිය.
නවසීලන්ත පොලිසිය පැවසුවේ සැකකරු වෛද්‍ය තක්සේරුවකට භාජනය කර ඇති අතර නිරන්තරයෙන් නිරීක්ෂණය කරන බවයි.
“මේ මිනිසා පොලිස් අත්අඩංගුවේ සිටින බැවින්, සිදුවී ඇති දේට අදාළ තත්වයන් සැලකිල්ලට ගෙන ඔහුව දිගටම නිරීක්ෂණය කිරීම සඳහා අපට සැලකිලිමත් විය යුතු යුතුකමක් තිබේ,” පොලිසිය එවිට පැවසීය.
ඔක්ටොපසි බිත්තරය ලෙස නම් කර ඇති ආභරණය 1983 ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයෙන් ආභාෂය ලබමින් නිර්මාණය කරන ලද්දකි.
ෆේබර්ජ් ජුවලර්ස් යනු සියවස් දෙකකට පෙර රුසියාවේ ආරම්භ කරන ලද ලෝක ප්‍රසිද්ධ ස්වර්ණාභරණ වෙළෙන්දෙකි.
මැණික් හා වටිනා ලෝහවලින් සාදන ලද බිත්තර සඳහා එම අලෙවිසල ප්‍රසිද්ධය.
සැකකරු දෙසැම්බර් 8 වැනිදා නැවත අධිකරණයේ පෙනී සිටීමට නියමිතය.
වාර්තා වන පරිදි අදාළ සැකකරුට මීට පෙර සිදුකළ සොරකම් සම්බන්ධයෙන් ද චෝදනා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart