
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමාජ මාධ්‍ය හෝ දේශපාලන වශයෙන් කිසිවකු මර්දනය කිරීමට හදිසි නීතිය භාවිත කිරීමට කිසිදු උපදෙසක් ලබාදී නැතැයි මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල ‘දිවයින’ට පවසා ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් දී ඇත්තේ මේ ආපදා තත්ත්වය පිළිබඳව මහජනයා බියගන්වන සහ නොමඟ යවන පුවත් ප්‍රචාරය කිරීම පාලනය කිරීමට සහ මහජනතාවට බාධාවකින් තොරව අවශ්‍ය සහන සැලසීම සඳහා හදිසි නීති රෙගුලාසි යටතේ පියවර ගැනීමට බවද ඇමැතිවරයා සඳහන් කරයි.
දේශපාලනඥයන් වශයෙන් තමන්ට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් හදිසි නීතිය භාවිත කරමින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට රජයක් ලෙස කිසිදු අවශ්‍යතාවක් නැති බවද හෙතෙම අවධාරණය කරයි.
“සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලනඥයන් විවේචනය කිරීමට ජනතාවට අයිතියක් තියෙනවා. එමෙන්ම පුවත්පත් ඔස්සේ ද එසේ කිරීමේ හැකියාව තියෙනවා. හදිසි නීතිය මාධ්‍ය මර්දනය කිරීම සඳහා භාවිතා කිරීමට අවශ්‍යතාවක් නැතිවා මෙන්ම ඔවුන් තම සීමාව දැනගෙන එය සිදුකරනු ඇතැයි අපේක්ෂා කරන බවද ඇමැතිවරයා කීය.
ඇළවේලි පුපුරන බව ඇතුළු විපතට පත්වූ ජනතාව කුපිත කරන ප්‍රචාර වැළැක්වීම රජයේ වගකීමක් බවත්, එසේ කරන පිරිසට එරෙහිව කටයුතු කිරීමට පවතින නීති ප්‍රමාණවත් බවත් ඇමැතිවරයා කියාසිටියි.
මහජනයා කුපිත කරන සමාජ මාධ්‍ය හසුරුවන පිරිස් පිටුපස සිටින්නේ කවුරුන් ද යන්න හඳුනාගෙන ඇති බවත් ඇමැතිවරයා පවසයි.
හෙතෙම මෙම අදහස් දැක්වීම සිදුකර ඇත්තේ, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරන පිරිස් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගතයුතු බවට සිදුකර තිබූ ප්‍රකාශ සම්බන්ධයෙන් සිදුකළ තොරතුරු විමසීමක් කළ අවස්ථාවේදීය.
මේ අතර පොලිසිය උපුටා දක්වමින් ඊයේ ජනමාධ්‍ය වාර්තා කරන ලද්දේ, සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ 57 දෙනකු හඳුනාගෙන ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart