
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුරුණෑගල ප්‍රදේශයේ විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත් කරමින් සිටි ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයකු විදුලි සැර වැදීමකින් ඊයේ මියගොස් තිබේ.
41 හැවිරිදි අනුරුද්ධ කුමාර ලංකා විදුලිබල මණ්ඩලයේ රේඛිය කාර්මිකයකු ලෙස සේවය කර තිබිණි.
2007 දී තාවකාලික රේඛීය සේවකයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ කුමාර, දශකයක කාලයක් සේවය කිරීමෙන් පසු 2017 දී විදුලිබල මණ්ඩලයේ ස්ථිර සේවකයකු බවට පත්විය.
පසුව ඔහු උකුවෙල උපපොළට මාරු කරන ලද අතර මෑතකදී හෙට්ටිපොල විදුලි බලාගාරයේ සේවය කළේය.
ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ, ඔහු රේඛීය කාර්මිකයකු ලෙස විශිෂ්ට ලෙස රාජකාරි කරමින් සිටි බවයි.
බෝවත්ත-වීරපොකුණ මාර්ගයේ හානියට පත් අඩු වෝල්ටීයතා රැහැනක් අලුත්වැඩියා කිරීමට කටයුතු කරමින් සිටියදී ඊයේ දහවල් 12.45ට පමණ ඔහුට විදුලි සැර වැදුණු බවත් ඉන් ඔහු බරපතළ තුවාල ලැබූ බවත් වාර්තා විය.
ඔහුව පළමුව වීරපොකුණ මූලික රෝහලට ඇතුළත් කර පසුව කුලියාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර තිබිණි.
රෝහල් දෙකෙහිම වෛද්‍ය කණ්ඩායම් ඔහුව බේරා ගැනීමට විශාල උත්සාහයක් දැරූ නමුත් රෝහලට ඇතුළත් කිරීමෙන් පැයකට පමණ පසු ඔහු මිය ගොස් තිබිණි.
ජාතික හදිසි අවස්ථාවකදී ඔහුගේ සේවයට ආචාර කරමින් ලංකා විදුලිබල මණ්ඩලය ඔහුගේ පවුලේ අයට ශෝකය පළ කරමින් එම පවුලට සියලු සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart