December 3, 2025

හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබේ.

නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනීනොසිටීම හේතුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම වරෙන්තුව නිකුත් කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ජාතික නිදහස් පෙරමුණට ලබාදුන් රජයේ වාහන 40 ක් අවභාවිත කිරීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 9 ක පාඩුවක් සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම නඩුව අදාළ වේ.