November 27, 2025

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකක පුද්ගලයන් සිව්දෙනකු අතුරුදහන් වී ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

ඒ අනුව, පාතහේවාහැට ප්‍රදේශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු සහ උඩුදුම්බර ප්‍රදේශයෙන් දෙදෙනකු අතුරුදහන් වී ඇති බව වාර්තා වී තිබේ.

ප්‍රදේශ දෙකෙහි නායයෑම් හේතුවෙන් මෙම පුද්ගලයන් අතුරුදහන් වී ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.