
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නවසීලන්තයේ උසම කඳු මුදුන වන අඕරාකි හෙවත් මවුන්ට් කුක් කඳු මුදුනින් වැටී කඳු නගින්නන් දෙදෙනකු මියගොස් ඇති තිබේ.
මීටර් 3,724 ක් උස කඳු මුදුනට නැගීමට උත්සාහ කළ සිව්දෙනෙකුගෙන් යුත් කඳු නගින්නන් කණ්ඩායමක සාමාජිකයන් දෙදෙනකු එලෙස මියගොස් ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත් අනෙක් පුද්ගලයන් දෙදෙනා ආරක්ෂිතව මුදාගැනීමට සහන කණ්ඩායම් සමත්ව ඇති අතර සහන සේවා ඇමතුම් ලබාදීම හේතුවෙන් හෙලිකොප්ටරයක් යොදවා එම පුද්ගලයන් දෙදෙනා මුදාගෙන තිබිණි.
බලධාරීන් පැවසුවේ මියගිය පුද්ගලයන් දෙදෙනාගේ සිරුරු සොයාගෙන ඇති බව සහ ඒවා ආරක්ෂිතව රැගෙන ඒම සම්බන්ධයෙන් කටයුතු සිදුකරමින් සිටින බවයි.
දකුණු දූපත පුරා දිවෙන දකුණු ඇල්ප්ස් කඳු මුදුණට ඉහළින් පිහිටා ඇති මවුන්ට් කුක් මුදුණට නැගීම, පළපුරුදු කඳු නගින්නන්ට පවා දුෂ්කර බව පැවසෙන අතර හිම කඩාවැටීම් සහ අනපේක්ෂිත කාලගුණය එම තත්වයට හේතුවයි.
මියගිය කඳු නගින්නන්ගේ අනන්‍යතාව මෙතෙක් නිල වශයෙන් වාර්තා කර නොමැති නමුත්, නවසීලන්ත ජනමාධ්‍ය ආයතනයක් වන ස්ටෆ් වාර්තා කළේ මියගිය අයගෙන් එක් අයෙකු ප්‍රසිද්ධ, අන්තර්ජාතිකව පිළිගත් කඳු නැගීමේ මාර්ගෝපදේශකයකු බවයි.
වසරකට පමණ පෙර ද ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ කඳු නගින්නන් තිදෙනෙකු ද මවුන්ට් කුක් කන්ද මත අතුරුදහන් විය. ඔවුන්ගේ සිරුරු සොයාගත නොහැකි වුවද, දින කිහිපයක සෝදිසි කිරීමකින් පසුව ඔවුන් මියගිය බව ප්‍රකාශ කර තිබිණි.
අයහපත් කාලගුණය නිසා සිරුරු සෙවීමට බාධා ඇති වූ බව නවසීලන්ත බලධාරීන් බලධාරීහු පැවසූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart