
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය දියණිය සමග පැවැති ප්‍රේම සම්බන්ධතාව නවත්වන ලෙසට කළ අවවාද නොතැකූ තරුණයකු සිය පවුලේ සාමාජිකයන් සමග එක්ව පහරදී කපා කොටා ඝාතනය කළ පියකු ඇතුළු දස දෙනකුට ඇඹිලිපිටිය පූර්වගාමී මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල ඊයේ (24දා) මරණීය දණ්ඩනය නියම කළේය.
එකම පවුලේ කාන්තාවන් තිදෙනකුට හා පියා ඇතුළු දසදෙනකුට එලෙස මරණීය දණ්ඩනය නියම කළ විනිසුරුවරයා නඩුවේ දසවැනි හා එකොළොස්වැනි විත්තිකරුවන් ලෙස නම්කොට තිබූ එම පවුලේ තවත් සාමාජිකයන් දෙදෙනකු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද නියෝග කළේය.
නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වී 2011.10.10 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී ඇඹිලිපිටිය මුල්ලගස්යාය ප්‍රදේශයේ දී වීරසිංහ ආරච්චිලාගේ වර්ණ ධම්මික නයනකුමාර නමැති තරුණයා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව නඩු පවරා තිබිණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඊයේ එම නඩුවේ තීන්දුව නිකුත් කරමින් විනිසුරුවරයා පෙන්වාදුන්නේ එකී විත්තිකරුවන් දසදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති අධිචෝදනා තුනම පැමිණිල්ල විසින් ඔප්පු කොට ඇති බවත්, සෙසු විත්තිකරුවන් දෙදෙනාට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවත්ය.
ඝාතනයට ලක්වූ තරුණයා එම පවුලේ තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන තිබූ බවත්, පළමු වන විත්තිකරු එකී ප්‍රේම සම්බන්ධතාව නවත්වන ලෙසට මරණකරුට දැඩිව අවවාද කොට තිබූ බවත් පැමිණිල්ලෙන් කියැවිණි.
එම අවවාදය නොතැකූ තරුණයා සිය පෙම්වතිය බැලීමට 2011.10.10 වැනිදා පස්වරුවේ ඇගේ නිවසට ගිය අවස්ථාවේදී පළමු වන විත්තිකාර පියා ඔහුව ග්‍රහණයට ගෙන පහරදී ඇති බවත් ඒ අතරතුර සෙසු විත්තිකාරියන් හා විත්තිකරුවන් නව දෙනාද මරණකරුට තියුණු ආයුධවලින් හා අතින් පයින් පහරදී ඇති බවත් පැමිණිල්ලෙන් කියැවිණි.
අධිකරණය මගහැර සිටි දසවන විතිතිකරු මෙන්ම කලක් අධිකරණය මගහැර පසුව අධිකරණයට ඉදිරිපත් වූ එකොළොස් වන විත්තිකරුට එරෙහිව නඟා තිබූ චෝදනා අයුතු ජන රාශියක සමාජිකයන් වීමෙන් චෝදනා වලින් ඔවුන් නිදොස් කොට නිදහස් කෙරිණි.
නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ මහෙන් ද සිල්වා පැමිණිල්ල මෙහෙයවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart