November 24, 2025

කොට­හේ­නේදී පසු­ගිය 07 වැනිදා පුද්ග­ල‍ය­කුට වෙඩි තබා ඝාත­නය කර වෙඩි­ක්කරු පලා ගිය මෝටර් රථය කොළඹ උතුර කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශයේ නිල­ධා­රීන් කිහි­ප­දෙ­නෙක් විසින් ඊට සති දෙක­කට පෙර සිය පෞද්ග­ලික පරි­හ­ර­ණ­යට යොදා­ගෙන ඇතැයි හෙළි­ද­රව් වී තිබේ.

විදේ­ශ­ග­තව සිටින පාතා­ලයේ ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වෙක් වන රිමෝ­ෂන් නමැ­ත්තාට මේ මෝටර් රථය අයත් එකක් බව සඳ­හන්ය.

මෝටර් රථ­යෙන් පැමිණි වෙඩි­ක්කරු මාර්ග‍යේ ගමන් කර­මින් සිටි පුද්ග­ල­ය­කුට පසු­ප­සින් ගොස් වෙඩි තබා අන­තු­රුව මෝටර් රථ­යට යට කර­මින් පළාගියේය.

මේ ඝාත­නය හිටපු කමාන්ඩෝ සෙබ­ළ­කුට කොන්ත්‍රා­ත්තු­වක් දෙමින් විදේ­ශ­ග­තව සිටින පාතා­ලයේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වෙක් වන පලනි රිමෝ­ෂන් විසින් සිදුකරවා ඇතැයි කොළඹ දිසා අප­රාධ කොට්ඨා­සය අනා­ව­ර­ණය කර­ ග­ත්තේය.

වෙඩි­ක්ක­රු­වන් මෝටර් රථය පසුව අත­ර­මඟ දමා­ගොස් තිබි­යදී පොලී­සිය සොයාගත්තේය.

මේ වෙඩි තැබීම සම්බ­න්ධ­යෙන් කොළඹ උතුර කොට්ඨාස අප­රාධ විමර්ශන කාර්යාං­ශය විසින් ද පරී­ක්ෂණ පැවැ­ත්වු­වත් මෝටර් රථය එම කාර්යාං­ශයේ නිල­ධා­රීන් කිහි­ප­දෙ­නෙක් විසින් පරි­හ­ර­ණය කළ එකක් බව හෙළිකර ­ගන්නේ කොළඹ දිසා අප­රාධ කොට්ඨා­සය විසිනි.

ඒ අනුව කොළඹ දිසා නියෝජ්‍ය පොලි­ස්පති නිශාන්ත සොයිසාගේ නියෝ­ග­ය­කින් විම­ර්ශන කට­යුතු කොළඹ දිසා අප­රාධ කොට්ඨා­ස­යට පව­රනු ලැබීය.

ඒ අනුව විම­ර්ශන පවත්වා මේ ඝාත­නය පලනි රිමෝ­ෂන් (කුඩු සෙල්වි නමැති මත්කුඩු ජාවා­ර­ම්කා­රි­යගේ පුතා) විසින් කර ඇතැයි හෙළිකර ගනි­මින් වෙඩි­ක්කරු ඇතුළු සැක­ක­රු­වන් රැසක් අත්අ­ඩං­ගු­වට ගත්හ.

මේ ඝාත­න­යට වෙඩි­ක්කරු පැමිණ පළායෑමට යොදාගත් කළු පැහැති ටොයෝටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථය පසු­ගිය ඔක්තෝ­බර් මස 21 වැනිදා හැඳල, වත්තල, පුව­ක්වත්ත පා‍රේ චලා නමැති පුද්ග­ල­යා­ගෙන් කොළඹ උතුර කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශයේ සැර­ය­න්ව­ර­යෙක් විසින් ගෙන ඇති බව ද අනා­ව­ර­ණය වී ඇත.

මේ මෝටර් රථය පලනි රිමෝ­ෂන්ට අයත් බව දැන දැනම ගෙන ඇති බවත්, එම සැර­ය­න්ව­රයා එම කොට්ඨා­සයේ සේවයේ නිරත උපපොලිස් පරී­ක්ෂ­ක­ව­ර­ය­කුට පෞද්ග­ලික ගම­නක් සඳහා භාවිත කිරී­මට දී ඇති බවත් කොළඹ අප­රාධ කොට්ඨා­සය විසින් හෙළිකර­ගෙන තිබේ.

තමන් විසින් භාවිත කළ මේ මෝටර් රථය කොට­හේනේ ඝාත­න­යට යොදා­ගෙන ඇති බව වෙඩි තැබූ දිනම මේ නිල­ධා­රීන් දැන සිට ඇතත්, ඒ ගැන උසස් නිල­ධා­රීන් පවා දැනු­ම්වත් කර නැතැයි ද විම­ර්ශ­න­යේදී හෙළිවී ඇත.

ඒ අනුව මේ මෝටර් රථය ගත් පොලිස් සැර­ය­න්ව­ර­යාගේ වැඩ තහ­නම් කිරී­මට කොළඹ උතුරු සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රයා පිය­වර ගෙන ඇත.

කොට­හේන පොලිස් වස­මේදී මෙයට වසර කිහි­ප­ය­කට පෙර ද සිදු වූ මෙවැ­නිම වෙඩි තැබී­ම­කින් අන­තු­රුව හෙළි වූයේ වෙඩි ප්‍රහා­ර­යට ලක්වූ පාතාල අප­රා­ධ­කරු විසින් භාවිත කළ මෝටර් රථ­යක් කොළඹ පොලී­සි­යක අප­රාධ අංශ­යක ස්ථානා­ධි­ප­ති­ව­ර­යෙක් විසින් කාල­යක් භාවිත කර ඇති බවයි.(දිනමිණ)