
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොටහේනේදී පසුගිය 07 වැනිදා පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර වෙඩික්කරු පලා ගිය මෝටර් රථය කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙක් විසින් ඊට සති දෙකකට පෙර සිය පෞද්ගලික පරිහරණයට යොදාගෙන ඇතැයි හෙළිදරව් වී තිබේ.
විදේශගතව සිටින පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන රිමෝෂන් නමැත්තාට මේ මෝටර් රථය අයත් එකක් බව සඳහන්ය.
මෝටර් රථයෙන් පැමිණි වෙඩික්කරු මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකුට පසුපසින් ගොස් වෙඩි තබා අනතුරුව මෝටර් රථයට යට කරමින් පළාගියේය.
මේ ඝාතනය හිටපු කමාන්ඩෝ සෙබළකුට කොන්ත්‍රාත්තුවක් දෙමින් විදේශගතව සිටින පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන පලනි රිමෝෂන් විසින් සිදුකරවා ඇතැයි කොළඹ දිසා අපරාධ කොට්ඨාසය අනාවරණය කර ගත්තේය.
වෙඩික්කරුවන් මෝටර් රථය පසුව අතරමඟ දමාගොස් තිබියදී පොලීසිය සොයාගත්තේය.
මේ වෙඩි තැබීම සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ද පරීක්ෂණ පැවැත්වුවත් මෝටර් රථය එම කාර්යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙක් විසින් පරිහරණය කළ එකක් බව හෙළිකර ගන්නේ කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසිනි.
ඒ අනුව කොළඹ දිසා නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාගේ නියෝගයකින් විමර්ශන කටයුතු කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට පවරනු ලැබීය.
ඒ අනුව විමර්ශන පවත්වා මේ ඝාතනය පලනි රිමෝෂන් (කුඩු සෙල්වි නමැති මත්කුඩු ජාවාරම්කාරියගේ පුතා) විසින් කර ඇතැයි හෙළිකර ගනිමින් වෙඩික්කරු ඇතුළු සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගත්හ.
මේ ඝාතනයට වෙඩික්කරු පැමිණ පළායෑමට යොදාගත් කළු පැහැති ටොයෝටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථය පසුගිය ඔක්තෝබර් මස 21 වැනිදා හැඳල, වත්තල, පුවක්වත්ත පාරේ චලා නමැති පුද්ගලයාගෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ සැරයන්වරයෙක් විසින් ගෙන ඇති බව ද අනාවරණය වී ඇත.
මේ මෝටර් රථය පලනි රිමෝෂන්ට අයත් බව දැන දැනම ගෙන ඇති බවත්, එම සැරයන්වරයා එම කොට්ඨාසයේ සේවයේ නිරත උපපොලිස් පරීක්ෂකවරයකුට පෞද්ගලික ගමනක් සඳහා භාවිත කිරීමට දී ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් හෙළිකරගෙන තිබේ.
තමන් විසින් භාවිත කළ මේ මෝටර් රථය කොටහේනේ ඝාතනයට යොදාගෙන ඇති බව වෙඩි තැබූ දිනම මේ නිලධාරීන් දැන සිට ඇතත්, ඒ ගැන උසස් නිලධාරීන් පවා දැනුම්වත් කර නැතැයි ද විමර්ශනයේදී හෙළිවී ඇත.
ඒ අනුව මේ මෝටර් රථය ගත් පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට කොළඹ උතුරු සහකාර පොලිස් අධිකාරිවරයා පියවර ගෙන ඇත.
කොටහේන පොලිස් වසමේදී මෙයට වසර කිහිපයකට පෙර ද සිදු වූ මෙවැනිම වෙඩි තැබීමකින් අනතුරුව හෙළි වූයේ වෙඩි ප්‍රහාරයට ලක්වූ පාතාල අපරාධකරු විසින් භාවිත කළ මෝටර් රථයක් කොළඹ පොලීසියක අපරාධ අංශයක ස්ථානාධිපතිවරයෙක් විසින් කාලයක් භාවිත කර ඇති බවයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart