November 24, 2025

පොතුවිල්, හුලංනුගේ, 12 කණුව ප්‍රදේශයේදී පුද්ගලයකු විසින් කාන්තාවකට උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි පොතුවිල් පොලිසිය පවසයි.

පෙරේදා (22 දා) සවස් කාලයේ සිදුව ඇති මෙම සිද්ධියේදී ඝාතනයට ලක්වී ඇත්තේ පොතුවිල්, හුලංනුගේ ප්‍රදේශයේ පදිංචිව සිටි කෝනාර මුදියන්සේලාගේ විමලාවතී නමැති 55 හැවිරිදි කාන්තාවකි.

ඉඩම් ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ මියගිය කාන්තාවගේ සැමියාගේ සහෝදරයා බව හෙළිවිණැයි ද පොලිසිය කියයි.

ඝාතනයෙන් පසු සැකකරු හුලංනුගේ පොලිස් මුරපළට ගොස් භාර වී ඇතැයි පොලිසිය පවසයි.