November 24, 2025

මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවූ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ ‘දිවයින’ට පවසා ඇත.

ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර අනුමාන ප්‍රශ්න ලබාදීම, ප්‍රශ්න පත්‍ර පිටවීම ඇතුළු චෝදනා කිහිපයක් සමාජ මාධ්‍ය මගින් ප්‍රකාශ වන බවත්, ඒ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේදී එවැනි සිදුවීමක් අනාවරණය වී නොමැති බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය කියයි.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගැනීමට අවශ්‍ය නිසා, විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරියකු මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවද කොමසාරිස් ජනරාල්වරිය පැවසුවාය.