November 24, 2025

රටේ පොදු ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ ප්‍රධාන පියවරක් සනිටුහන් කරමින් අද සිට බස් ටිකට්පත් මිලදී ගැනීම් සඳහා බැංකු කාඩ්පත් ගෙවීම් හඳුන්වාදෙනු ලබයි.

නව ගෙවීම් පහසුකම සඳහා වන සමාරම්භක උත්සවය අද උදෑසන මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

මෙම වැඩසටහන ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන අතර, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් දියත්කෙරේ.

නව ක්‍රමය මඟින් මගීන්ට බැංකු කාඩ්පත් භාවිතයෙන් බස් ටිකට්පත් මිලදී ගැනීමට ඉඩ සැලසෙන අතර, මුදල් ගනුදෙනු සඳහා ඇති අවශ්‍යතාවය අඩුකෙරේ.

මෙමගින් දෛනික බස් මගීන් සඳහා කාර්යක්ෂමතාව සහ පහසුව වැඩිදියුණු කරනු ඇතැයි නිලධාරීහු පවසති.

රජයේ පුළුල් කෙරෙමින් පවතින ඩිජිටල්කරණ රාජ්‍ය සේවාවන්හි කොටසක් ලෙස, තෝරාගත් බස් මාර්ග හරහා මෙම වැඩසටහන ක්‍රමයෙන් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කෙරේ.