November 15, 2025

2026 අයවැය යෝජනාවලිය මගින් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට ගත් තීරණය ප්‍රශංසනීය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ නමුත් ප්‍රතිපාදන සියලු අංශ ඔස්සේ බෙදී යා යුතු බවයි.

රටේ ජන­තාව මිලි­යන විසි දෙකක් සිටින බැවින් සහන සැලසිය යුතු වන්නේ කොටසකට පමණක් නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය.

එබැවින් වතු කම්කරුවන් එක්ලක්ෂ හත­ළි­ස්දහස හෝ මහ­පොළ දීමනාව ලබා ගන්නා පිරිස පමණක් නොව රටක් ලෙස සැමට ප්‍රතිලාභ හිමිවිය යුතු බව මන්ත්‍රීවරයා පැවසීය.

බදු ගෙව­න්නන්ගේ මුදල් මගින් එක කොට­ස­කට පමණක් ගෙවීම් සිදු කිරීමේදී අනෙක් අයගේ මානව අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය වන බවත්, එයින් ප්‍රශ්නකාරී තත්වයන් උද්ගත විය හැකි බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.