November 14, 2025

සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සාය­ක­යන්ට මිලි­යන 50 දක්වා ණය පහ­සු­කම් ලබා­දෙ­න බව ආණ්ඩුව පැවසුව ද එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් රටට පැහැදිලි කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ආණ්ඩුව සහන සැලසීමට කැමැත්ත පළකළ ද බැංකු ඊට එකඟ නොවුණහොත් එහි අර්බුධයක් මතුවන බව මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.

එබැවින් ආණ්ඩුව සිදුකළ යුතු වන්නේ මවාපෑම් ඉදිරිපත් කිරීමකින් තොරව යෝජනා ක්‍රියා­ත්මක වෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් පැහැ­දිලි කිරීම බවයි.

මිලි­යන 50 ක් ලබාදෙන බවට ප්‍රකාශයක් පමණක් සිදුකළ ද එම මුදල් බෙදීයාමේදී ව්‍යවසායකයන්ට අපේක්ෂා කරන ප්‍රමාණයේ මුදලක් නොලැබෙන බව මන්ත්‍රීවරයා පැවසුවේය.