November 20, 2025

අද පස්වරුවේ තංගල්ලේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූයේ ‘කුඩු රැළියක්’ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී, හිටපු ඇමැතිවරයකුද වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

ජනමාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සඳහන් කරන ලද්දේ, මෙම රැලිය සඳහා පිරිස් කැඳවන ලද්දේ පොලිසිය විසින් බවයි.

එසේම හෙට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියට එකට එක කිරීමක් ලෙස තංගල්ලේ මෙම රැලිය සංවිධානය කළ බවද හෙතෙම සඳහන් කළේය.

පහතින් දැක්වෙන්නේ ඔහු එහිදී දැක්වූ වැඩිදුර අදහස්ය.