
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතිකව පිළිගත් සංචාරක ප්‍රකාශනයක් වන Travel + Leisure සඟරාව මගින් 2026 දී සංචාරය කිරීමට ලොව හොඳම ස්ථාන 50 අතරට ශ්‍රී ලංකාව නම් කර ඇත.
එමගින් ශ්‍රී ලංකාව සංස්කෘතික, විනෝදාස්වාදය සහ ස්වාභාවික සුන්දරත්වය සඳහා යාහැකි තනි ගමනාන්තයක් ලෙස විස්තර කරයි.
එමගින් ශ්‍රී ලංකාවේ විවිධ ආකර්ෂණය ඉස්මතු කර ඇති අතර, විනෝදාස්වාදය සඳහා කැමැත්තක් දක්වන සංචාරකයන් වැඩිවශයෙන් රටේ උතුරු කලාපය, විශේෂයෙන් යාපනය මෙන්ම මධ්‍යම කඳුකරයේ සංචාරය කරන බව සඳහන් කරයි.
හෝර්ටන් තැන්න සහ අවට තේ වතු හරහා කඳු නැගීමේ මාර්ග ගෝලීය උනන්දුව අඛණ්ඩව ආකර්ෂණය කරගත් මෙරට ගමනාන්ත බව ද Travel + Leisure සඟරාව මගින් හඳුන්වා දී තිබේ.
දකුණු වෙරළ තීරය, සමුද්‍ර ජීවීන් සහ එළිමහන් ක්‍රියාකාරකම් සඳහා ද කැපීපෙනෙන ශ්‍රී ලංකාව වෙරළබඩ ගමන්, පාපැදි සහ ඇවිදීමේ මංපෙත්වල අත්දැකීම් සොයන අමුත්තන් සඳහා ප්‍රධාන ආකර්ෂණීය ස්ථාන හිමි රටවක් බවට පත්ව ඇති බව ද සඟරාව සඳහන් කරයි.
ඉදිරි වසර තුළ පුළුල් වූ ගමන් විස්තර සහ නව මාර්ග, ප්‍රධාන සංස්කෘතික ස්ථාන, දර්ශනීය භූ දර්ශන සහ ජාතික වනෝද්‍යාන වෙත වැඩි වශයෙන් අමුත්තන් ගෙන ඒමට අපේක්ෂා කරන බැවින්, ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර්ජාතික සංචාරක උනන්දුව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව ද සඟරාව පෙන්වාදෙයි.
එහිදී සෆාරි අත්දැකීම්, කඳුකරය හරහා දිවෙන දුම්රිය ගමන් සහ ප්‍රධාන නගරවල සංස්කෘතික චාරිකා රටේ වඩාත්ම ඉල්ලූම පවතින සංචාරක සෙවීම් අතර පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart