
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘ග්‍රාම නිලධාරී සහතිකය මදි – පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානිගේ අනුමැතියත් ඕනෑ‘ යනුවෙන් අරුණ පුවත්පත ඊයේ (19) ප්‍රධාන සිරස්තලය යටතේ වාර්තා කර තිබුණු බවත් එය අසත්‍ය පුවතක් බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කරයි.
ඊයේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ පොලිස් වාර්තා ලබාගැනීමට ග්‍රාම නිලධාරී වසමේ මහජන ආරක්ෂක කමිටු ප්‍රධානියාගේ සහතිකයක් අවශ්‍ය බවත් ග්‍රාමනිලධාරී සහතිකය ප්‍රමාණවත් නොවන බවත් එම ප්‍රවෘත්තියෙන් ගම්‍යවන බවයි.
කෙසේනමුත් මෙලෙස උපදෙසක් හෝ චක්‍රලේඛයක් පොලීසියෙන් හෝ මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් හෝ නිකුත් කර නොමැති බව ඇමතිවරයා අවධාරණය කළේය.
මේ ප්‍රවෘත්තියේ සදහන්ව ඇත්තේ ග්‍රාමනිලධාරීන් තොරතුරු දුන් බවයි. ප්‍රවෘත්තිය ලබාගත් මූලාශ්‍රය නිෂ්චිතව දක්වා නොමැති බැවින් ජනමාධ්‍ය සදාචාරයක්වත් නොමැති ප්‍රවෘත්තියක් මෙලෙස ප්‍රචාරය කර ඇතැයි අමාත්‍යවරයා කියාසිටියේය.
මෙම අසත්‍ය පුවත දෙරණ රූපවාහිනී නාලිකාවේ දෙරණ අරුණ වැඩසටහන තුළින් නැවත නැවත හුවාදැක්වීම තුළින් මෙම වැරදි ප්‍රවෘත්තිය ඔස්සේ මහජනයා නොමග යවා ඇතැයි අමාත්‍ය ආනන්ද විජේපාල චෝදනා කළේය.
එසේම රජය කෙරෙහි මේ පුවත හරහා අප්‍රසාදය පළ කරන්නක් ලෙසද පැවසූ අමාත්‍යවරයා, අද (20) දිනයේ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද කියාසිටියේය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart