
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ 2009 වසරේදී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් ද එක්සැමිනර් වෙබ් අඩවිය විසින් කරන ලද විමර්ශනයක් හේතුවෙන් ප්‍රශ්නකාරී තත්වයක් උද්ගත වී ඇති අතර, එමගින් ඔහුගේ අධ්‍යයන සුදුසුකම් පිළිබඳ ප්‍රශ්න කර තිබේ.
එම වාර්තාවට අනුව නාමල් රාජපක්ෂ තම අයැදුම්පත ඉදිරිපත් කළ දිනයේම නීති විද්‍යාලය ඔහුව ඇතුළත් කර ගෙන ඇති අතර, නාමල් රාජපක්ෂ සිය නීති උපාධිය සම්පූර්ණ කළ බව කියාසිටි ලන්ඩන් විශ්වවිද්‍යාලය ඒ වන විට නීති විද්‍යාලය විසින් පිළිගෙන නොතිබුණු බව ද පැවසේ.
වාර්තාව මගින් උපුටා දක්වා ඇති තොරතුරු පිළිබඳව, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ඔස්සේ ලබාගත් විස්තර අනුව පෙනීයන්නේ, විශ්වවිද්‍යාලය අනුමත ලැයිස්තුවට එකතු කර ඇත්තේ 2009 ඔක්තෝබර් 15 වැනි දින, එනම් නාමල් රාජපක්ෂ ඒ සඳහා ඇතුළත් වී සති තුනකට පමණ පසුව බවයි.
ද එක්සැමිනර් වෙබ් අඩවිය මගින් වැඩිදුරටත් වාර්තා කරන පරිදි නාමල් රාජපක්ෂගේ ශිෂ්‍ය ගොනුවේ උපාධි සහතිකයක් නොමැති බවත්, පිටපතක් සහ තුන්වැනි පන්තියේ උපාධියක් තහවුරු කරනමින් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ලිපියක් පමණක් ඇතැයි පැවසේ.
නීති විද්‍යාලයට ඉදිරිපත් කරන ලද පිටපත සහ වසර ගණනාවකට පසු පශ්චාත් උපාධි වැඩසටහනක් සඳහා ඉදිරිපත් කරන ලද වෙනම උපාධි සහතිකයක් අතර විෂමතා ඇති බවත්, එහි දැනටමත් තනතුරෙන් ඉවත් වී ඇති උපකුලපතිවරයකුගේ අත්සනක් ඇති බවත් අනාවරණයේ සඳහන් වේ.
කෙසේවෙතත් නාමල් රාජපක්ෂ මෙම චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පවසා ඇත.
මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, බලයට පත්වීමෙන් පසු රජය තම උපාධිය විමර්ශනය කිරීම සඳහා බී වාර්තාවක් ආරම්භ කළ නමුත් මාස ගණනාවක් තිස්සේ කළ විමර්ශනවලින් අධිකරණයේදී කිසිදු සොයාගැනීමක් සිදුනොවූ බවයි.
මේ කාරණය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ඇමැති නලින්ද ජයතිස්ස අදහස් පළකරන ලද්දේ මේ ආකාරයෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart