
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ හැසිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල කළ පැමිණිල්ලක් විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.
2025 සැප්තැම්බර් 24 වැනිදා සභා ගර්භය තුළ සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කමිටුව පත් කළ බව කථානායක ජගත් වික්‍රමරත්න අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
නියෝජ්‍ය කථානායක රිස්වි සාලි කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර ඇති අතර, මන්ත්‍රීවරුන් වන උපාලි පන්නිලගේ සහ රංජිත් මද්දුම බණ්ඩාර එහි සාමාජිකයන් ලෙස පත් කර ඇත.
“2025 සැප්තැම්බර් 24 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සභා ගර්භය තුළ හැසිරීම සම්බන්ධයෙන් සැප්තැම්බර් 25 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් වටගල විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සළකා බලා, සාමාජිකයන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බව දන්වා සිටිමි. මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස නියෝජ්‍ය කථානායක රිස්වි සාලි සහ සාමාජිකයන් ලෙස උපාලි පන්නිලගේ සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් ඇතුළත් වේ,” යනුවෙන් අද පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී කථානායක ජගත් වික්‍රමරත්න නිවේදනය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart