
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් පිළිගැනීම සඳහා ධවල මන්දිරයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට ප්‍රශංසා කර තිබේ.
2017 දී අමෙරිකානු ගුරුවරියක වන කැත්රින් මයෝර්ගා විසින් ඔහුට එරෙහිව දූෂණ චෝදනා එල්ල කිරීමෙන් පසු එක්සත් ජනපදයට ප්‍රථම වරට පැමිණ තිබූ රොනාල්ඩෝ කෙරෙහි ඔහුගේ බාල පුත් බැරන් දක්වන සෙනෙහස ට්‍රම්ප් එහිදී සඳහන් කළේය.
19 හැවිරිදි බැරන් දැඩි පාපන්දු ලෝලියෙක් සහ රොනාල්ඩෝගේ ‘ලොකු රසිකයෙක්’ බව ඔහු පැවසීය.
“බැරන්ට ඔහුව මුණගැහෙන්න ලැබුණා. මම හිතන්නේ දැන් එයා තාත්තට තව ටිකක් ගරු කරනවා, මොකද මම ඔබව හඳුන්වා දුන් නිසා,” යැයි ට්‍රම්ප් පැවසීය.
රොනාල්ඩෝ මෙම උත්සවයට සහභාගී වී තිබුණේ තමන් විවාහ ගිවිසගෙන සිටින ජෝර්ජිනා රොඩ්රිගස් සමඟය.
මේ වනවිට සෞදි කණ්ඩායම වන අල්-නසර් වෙනුවෙන් ක්‍රීඩා කරන රොනාල්ඩෝ, 2022 දී වසරකට ඩොලර් මිලියන 200කට වඩා වටිනා ගිවිසුමක් අත්සන් කළේය.
ඔහු 2014 සිට එක්සත් ජනපදයේ ක්‍රීඩා කර නැත.
ජර්මානු ප්රවෘත්ති සඟරාවක් වන ඩර් ස්පීගල් 2017 දී වාර්තා කළේ, 2009 දී ලාස් වේගාස් හෝටලයකදී තමා දූෂණය කළ බවට චෝදනා කළ කාන්තාවකට රොනාල්ඩෝ වසර ගණනාවකට පෙර ඩොලර් 375,000ක් රහසිගතව ගෙවා ඇති බවයි.
රොනාල්ඩෝගේ නීතිඥයන් කියා සිටියේ ලිංගිකත්වය කැමැත්තෙන් සිදු වූ බවත්, කිසි විටෙකත් අපරාධ චෝදනා ගොනු කර නොමැති බවත්ය.
අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව සමඟ එක්ව 2026 ලෝක කුසලානය පවත්වන විට රොනාල්ඩෝට පෘතුගාල කණ්ඩායම සමඟ එක්සත් ජනපදයට නැවත පැමිණිය හැකිය.
2034 ලෝක කුසලානය සෞදි අරාබියේ පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart