
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සංවිධානාත්මක අපරාධවල භයානක පරිණාමයකට මේ වනවිට මුහුණ දී සිටින බවත්, එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සන්නද්ධ අපරාධකරුවන්, දූෂිත රාජ්‍ය නිලධාරීන්, දේශපාලන ක්‍රියාකාරීන් සහ ඇතැම් මාධ්‍ය පවා තනි බලපෑම් ජාලයක් බවට පත්ව ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ පාර්ලිමේන්තුවේදී අනතුරු ඇඟවීය.
දශක ගණනාවකට පෙර ගම් මට්ටමේ කුඩා මැර කණ්ඩායම් ලෙස ආරම්භ වූ මෙම ජාලය දේශපාලන ආරක්ෂාව, කොන්ත්‍රාත්තු සහ පසුව මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම හරහා බලවත්, හොඳින් මූල්‍යකරණය වූ අපරාධ පරිසර පද්ධතියක් දක්වා වර්ධනය වී ඇති බව ජනාධිපතිවරයා පැවසීය.
1970 දශකයේ අග භාගයේ පැවති දේශපාලන සංස්කෘතිය මෙම පරිවර්තනයට හැකියාව ලබා දුන් බව ඔහු පැවසීය.
“1977න් පසු සෑම මන්ත්‍රීවරයකුටම ඔහු අසල මැරයෙක් සිටියා. මෙම පුද්ගලයන් දේශපාලන ආරක්ෂාව ලබා ගත්තේ එහෙම. ඔවුන් තවදුරටත් ගමේ පොඩි පොඩි චරිත නෙවෙයි,” ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.
ජනාධිපතිවරයාට අනුව, මෙම කණ්ඩායම් මත්ද්‍රව්‍ය වෙළඳාමට ඇතුළු වූ පසු ලැබුණු දැවැන්ත මූල්‍යමය වාසි ඔවුන්ට රාජ්‍ය යාන්ත්‍රණයට රිංගා ගැනීමට ඉඩ සළසා ඇත.
“ඔවුන් පොලිස් නිලධාරීන්ට, මෝටර් රථ දෙපාර්තමේන්තුවට, ආගමන දෙපාර්තමේන්තුවට හා රේගුවට අල්ලස් දුන්නා. මුදල් ඔවුන්ට සමාජ ගෞරවය ගෙනාවා, සමාජය විසින් ප්‍රතික්ෂේප කරන ලද අය ධනය හරහා විකල්ප බලයක් නිර්මාණය කර ගත්තා,” ඔහු පැවසීය.
පසුව එම බලපෑම නීත්‍යනුකූල ව්‍යාපාර සහ මාධ්‍ය සංවිධාන වෙත ද ව්‍යාප්ත වූ බව ජනාධිපතිවරයා පැවසීය.
“සමහර ව්‍යාපාරිකයන් මාධ්‍ය තුළ මුදල් ආයෝජනය කිරීමට පවා පටන් ගත්තා,” යැයි ඔහු පැවසුවේය.
මෙය දේශපාලන අධිකාරිය, මත්ද්‍රව්‍ය මුදල් හිමි අය, සන්නද්ධ අපරාධකරුවන්, දූෂිත රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍ය ජාලයක් ඒකාබද්ධ කරන සම්බන්ධීකරණ ව්‍යුහයක් නිර්මාණය කළ බව ඔහු පැවසීය.
ඇතැම් මාධ්‍ය ජාල සහ මත්ද්‍රව්‍ය පාතාලය අතර සම්බන්ධතා බුද්ධි අංශ විසින් කඩිනමින් හෙළි කරනු ඇති බව ඔහු සඳහන් කළේය.
“මෙය තවදුරටත් මත්ද්‍රව්‍ය අලෙවිකරුවකු හෝ මැරයකු සම්බන්ධ දෙයක් පමණක් නෙවෙයි. එය විදෙස් සම්බන්ධතා ඇති සංවිධානාත්මක ආයතනයක් බවට පත්ව තිබෙනවා,”යනුවෙන් ඔහු පැවසුවේ හයිටි ජනාධිපතිවරයා ඝාතනය කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සම්බන්ධ මෙක්සිකෝවේ ඝාතන වැනි ගෝලීය සිදුවීම් ගැන සඳහන් කරමිනි.
ශ්‍රී ලංකාවේ අපරාධ ජාලයන් දැන් සමාජයට, දේශපාලනයට, රාජ්‍ය ආයතනවලට සහ මහජන මතයට බලපෑම් කළ හැකි ‘සොරුන්ගේ වළල්ලක්’ බවට පරිණාමය වී ඇති බවට ජනාධිපතිවරයා අනතුරු ඇඟවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart