
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය අනුමැතිය සහිතව තුම්පනේ ප්‍රදේශයේ සත්ව හිංසනයක් සිදුවන බවට සත්ව සුභසාධන සන්ධානය චෝදනා කරයි.
ඔවුන් පවසන්නේ ආහාර පවා නොමැතිව රිළවුන් රංචුවක් දින ගණනාවක් කූඩුවල රඳවාගෙන සිටින බවයි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් වෙත ලිපියක් යවමින්, සත්ව සුභසාධන සන්ධානය පැවසුවේ සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ දර්ශනවල දැක්වෙන පරිදි එම රිළවුන් අධික වර්ෂාවට සහ දැඩි හිරු එළියට නිරාවරණය වෙමින් කූඩුවල තදබදය ද මැද මියගොස් ඇති ආකාරය සහ භීතියට පත් වඳුරන් හඬන ආකාරය පෙන්වන බවයි.
මහනුවර මහ නගර සභාව සහ හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල මීට පෙර ද මෙවැනිම සිදුවීම් වාර්තා වී ඇති බව එම සන්ධානය සඳහන් කළේය.
දිගුකාලීන හා හිංසාකාරී කූඩුකිරීම් වැළැක්වීම සඳහා වඳුරන් ඇල්ලීමේ සියලුම මෙහෙයුම් පශු වෛද්‍ය ශික්ෂණ රෝහල හරහා සම්බන්ධීකරණය කරන ලෙස සත්ව සුභසාධන සන්ධානය මීට පෙර ඉල්ලාතිබිණි.
එසේ ඉල්ලා තිබියදීත්, තුම්පනේ ප්‍රදේශයේ ද එම සිදුවීම නැවත වාර්තා වී ඇති බව සංවිධානය චෝදනා කරයි.
සත්ව සුභසාධන සන්ධානයට අනුව, පසුගිය සතිය තුළ පශු වෛද්‍ය ශික්ෂණ රෝහලේ මහාචාර්ය දංගොල්ලගේ අධීක්ෂණය යටතේ කිසිදු වඳුරකු අල්ලාගෙන නොමැති බවත්, ඔහුගේ නියමු වැඩසටහනට තුම්පනේ ඇතුළත් කර නොමැති බවත් තහවුරු කර ඇත.
ඒ අනුව වත්මන් මෙහෙයුමට අවසර දුන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ගැටළුවක් මතු වේ.
සතුන්ට එරෙහිව සිදුවන ‘රාජ්‍ය අනුමැතියලත්, බිහිසුණු කෲරත්වය’ නැවැත්වීමට මැදිහත් වන ලෙස සත්ව සුභසාධන සන්ධානය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart