
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ‘ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාරය’ 2017 හා 2018 වසරවලදී වැව්වල පස් ඉවත්කර අධිවේගී මාර්ග සඳහා විකිණීමේ ව්‍යාපාරික කටයුත්තක් සිදුකර ඇතැයි විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණයක දැක්වේ.
1973 අංක 15 දරන ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩල පනතේ දක්වා ඇති පරිදි ඊට අදාළ අරමුණක් නොවූ වැව්වල පස් ඉවත් කිරීමේ මෙකී කටයුත්තට රුපියල් තිස්තුන් ලක්ෂයකට අධික මුදලක් වැයකර තිබූ බව එම ආයතන වාර්ෂික කාර්යසාධන වාර්තාවේ විගණන නිරීක්ෂණයේ සඳහන් වේ.
එසේ කපන ලද පස් අධිවේගී මාර්ග සඳහා විකුණා රුපියල් මිලියන 81කට අධික ආදායමක් ලබා තිබුණු බව ද එහි දැක්වේ.
වැව් ව්‍යාපෘති වාර්තාවට අනුව සපයන ලද පස් සඳහා අදාළ ගොවි සංවිධානවලින් මණ්ඩලයට මුදල් ලබාගෙන එම මුදල් රජයේ ප්රතිපාදනද සමග යොදා කුඩා වැව් නිසි ප්‍රමිතියට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉන්ජිනේරු උපදේශකත්වය යටතේ සංවර්ධනය කළ යුතු බව දක්වා තිබුණ ද එසේ නොකොට රුපියල් මිලියන 77කට අධික මුදලක් ස්ථාවර තැන්පත් ගිණුමක රඳවා තිබූ බවද විගණන නිරීක්ෂණයේ සඳහන් වේ.
ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලය පිහිටු වූයේ ආර්ථික අසාධාරණත්වයට ලක් වූ ජනතාවට සේවය සැපයීමේ මූලික අරමුණෙනි.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart