
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 21 වැනි වගන්තියේ බලපෑම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය හා ආයතනික ස්වාධීනත්වයට හානි කරන බවට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය කණස්සල්ල පළ කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පැවසුවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 21 වැනි වගන්තිය මඟින් සෑම ආයතනයක්ම භාණ්ඩාගාරය විසින් නිකුත් කරන ලද ‘අයවැය ඇමතුම් චක්‍රලේඛයට’ අනුකූලව තම අයවැය ඇස්තමේන්තු සකස් කර ඉදිරිපත් කළ යුතු බවයි.
මෙම වගන්තිය මගින් මුදල් අමාත්‍යාංශයට බැඳීම් වියදම් සීමාවන් නියම කිරීමට, සවිස්තරාත්මක ප්‍රතිපත්ති මාර්ගෝපදේශ නිකුත් කිරීමට සහ භාණ්ඩාගාර ලේකම් විසින් අවශ්‍ය යැයි සැළකෙන වෙනත් උපදෙස් හෝ තොරතුරු ඇතුළත් කිරීමට බලය පවරයි.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ, ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස එහි තත්ත්වයට අනුකූලව, වාර්ෂික අයවැය ඇස්තමේන්තු සෘජුවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බලය පවරා ඇත.
කෙසේවෙතත්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තම අයවැය මුදල් අමාත්‍යාංශය හරහා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටී.
පසුව එය වාර්ෂික අයවැයේ කොටසක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර අමාත්‍යාංශයෙන් ලැබෙන ඕනෑම ආයෝජන වැඩසටහන් සඳහා අනුමැතිය ද අවශ්‍ය වේ.
මෙය දූෂණ විරෝධී පනතේ ස්ථාපිත කර ඇති ආරක්ෂණ ක්‍රමවලින් බරපතළ ලෙස බැහැරවීමක් වන අතර එය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ආයතනික හා මූල්‍ය ස්වාධීනත්වයට වල කපන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.
මෙම විධිවිධානය පිටුපස ඇති අභිප්‍රාය රජයේ ආයතන හරහා මූල්‍ය විනය සහ අනුකූලතාව ප්‍රවර්ධනය කිරීම විය හැකි නමුත්, මෙය විධායක පාලනයෙන් හුදකලා විය යුතු වැදගත් අධීක්ෂණ ආයතනයක ස්වාධීනත්වයට සහ මෙහෙයුම් අඛණ්ඩතාවට බරපතළ අවදානමක් ඇති කරන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ අදහසයි.
ශ්‍රී ලංකාව රාජ්‍ය පාර්ශවයක් වන එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි සම්මුතිය (UNCAC)යටතේ, ජාතික දූෂණ විරෝධී ආයතනවලට ඔවුන්ගේ කාර්යයන් ඵලදායී ලෙස ඉටු කිරීමට අවශ්‍ය ස්වාධීනත්වය සහ සම්පත් ඇති බව රාජ්‍යයන් විසින් සහතික කළ යුතුය.
අල්ලස් කොමිසම පාර්ලිමේන්තුවට වගකියන අතරම, තම වරම ඉටු කිරීම සඳහා ස්වාධීනව තම මූල්‍ය සම්පත් සැලසුම් කිරීමට, වෙන් කිරීමට සහ කළමනාකරණය කිරීමට සමත් විය යුතු බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙයි.
එම ආයතනය පෙන්වා දෙන්නේ ප්‍රමුඛතා තීරණය කිරීමට සහ ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීමට ඇති හැකියාව රඳා පවතින්නේ බාහිර බලපෑමෙන් තොරව අරමුදල් සඳහා පුරෝකථනය කළ හැකි ප්‍රවේශයක් තිබීම මත බවයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැනි ආයතනයක අයවැය සහ මෙහෙයුම් නම්‍යශීලීභාවය අමාත්‍ය නියෝග මගින් සීමා කර ඇති විට, අපක්ෂපාතීව සහ ස්වාධීනව කටයුතු කිරීමේ එහි හැකියාව අනිවාර්යයෙන්ම දුර්වල වන බව ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත වැනි රාජ්‍ය අරමුදල් කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා වන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ අරමුණ විය යුත්තේ මූල්‍ය අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සහ දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා පැවරී ඇති ආයතනවල ස්වාධීනත්වය සීමා කිරීම නොව ශක්තිමත් කිරීම බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart