
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ භූමි හැසිරවීමේ සැපයුම්කරු වන ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන්තොටුපළ සහ භූමි සේවා අංශය, සෙසු ගුවන් සමාගම්වල මගීන් සඳහා ස්වයං-චෙක්-ඉන් සේවාවක් දියත් කර තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසන්නේ, මෙම වැඩසටහන එළඹෙන ශීත සංචාරක සමය ඉලක්ක කර සිදු කෙරෙන අතර, ශ්‍රී ලංකාව දෙසැම්බර් මාසයේදී පමණක් සංචාරකයන් 300,000කට අධික සංඛ්‍යාවක් පිළිගැනීමට අපේක්ෂා කර ඇති බවයි.
ගුවන් සමාගමේ තොරතුරු තාක්ෂණ කණ්ඩායම විසින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ, පසුගිය මාසයේ පිටත්වීමේ පර්යන්තයේ නව ස්වයං-චෙක්-ඉන් කවුන්ටර 20ක් ස්ථාපනය කිරීමෙන් පසුව, මුළු කවුන්ටර සංඛ්‍යාව 28 දක්වා ගෙන ඒමට හැකි වී ඇත.
මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ සංචාරක සංවර්ධන ප්රයත්නයන්ට අනුකූලව ගුවන්තොටුපළ කාර්යක්ෂමතාව සහ මගීන්ට ලබාදෙන අත්දැකීම ද ඉහළ නංවයි.
2023 දී ස්වයං-චෙක්-ඉන් කවුන්ටර දියත් කළ දා සිට එම පහසුකම ශක්තිමත් ලෙස ඉහළ ගොස් ඇති අතර, සාම්ප්‍රදායක කවුන්ටරවලට වඩා ස්වයං-චෙක්-ඉන් සේවාව තෝරා ගන්නා සංචාරකයන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතී.
වර්තමානයේ, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළෙන් පිටතට පියාසර කරන ශ්‍රීලන්කන් ගුවන් සේවයේ මගීන්ගෙන් 15%ක් ස්වයං-චෙක්-ඉන් කවුන්ටර භාවිත කරන අතර එය පිටත්වීමේ පර්යන්තයේ තදබදය සමනය කිරීමට උපකාරී වේ.
මෙම පහසුකම මගින් මගීන්ට පෝලිම් මඟ හැර ආසන තෝරා ගැනීම, බෝඩිං පාස් මුද්‍රණය කිරීම සහ බෑග් ටැග් ජනනය කිරීම මගින් ස්වාධීනව තම චෙක්-ඉන් ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට හැකියාව ලැබේ.
“අපි හසුරුවන සියලුම මගීන්ගෙන් 60%ක් පමණ වන අපගේ පාරිභෝගික ගුවන් සේවා සමාගම් සඳහා ස්වයං-චෙක්-ඉන් විකල්පය ලබා දීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා. අපගේ අරමුණ වන්නේ සෑම මසකම සාමාන්‍යයෙන් 300,000ක් ඉක්මවන කොළඹින් පිටවන සියලුම මගීන් සඳහා බාධාවකින් තොරව සංචාරක අත්දැකීමක් නිර්මාණය කිරීමයි. අපගේ වැඩිදියුණු කළ ස්වයං-චෙක්-ඉන් පහසුකම් ගුවන් තොටුපළේ ධාරිතාව වැඩි දියුණු කිරීමේ උත්සාහයන්ට තවදුරටත් සහාය වීමක් වගේම, කලාපයේ ඩිජිටල් ගුවන් තොටුපළ විසඳුම් ඉදිරියට ගෙන යෑමේදී ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්රමුඛ ස්ථානය නැවත තහවුරු කරනවා. කොළඹ සිට පියාසර කරන මගීන් සඳහා ස්වයං-චෙක්-ඉන් පහසුකම අනුගමනය කරන පළමු විදේශීය ගුවන් සේවය බවට සිංගප්පූරු ගුවන් සේවය පත්වීමට නියමිතයි, තවත් ගුවන් සමාගම් ඉක්මනින්ම ඒ සඳහා පැමිණෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.” යැයි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් තොටුපළ සහ භූමි සේවා ප්‍රධානී දීපාල් පල්ලේගංගොඩ පැවසීය.
ඕනෑම දිනක, පැමිණෙන, පිටතට යන සහ සංක්‍රමණ මගීන් දහස් ගණනක් බණ්ඩාරනායක අන්තරජාතික ගුවන් තොටුපළ හරහා ගමන් කරන අතර, ශ්‍රීලන්කන් ගුවන්තොටුපළ සහ භූමි සේවා ඔවුන්ගේ ප්‍රධාන සම්බන්ධතා ස්ථානය ලෙස සේවය කරයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart