
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ක්‍රියාත්මක වන බෙදුම්කරුවන්ගේ වත්මන් ගිවිසුම් මගින් ආවරණය නොවන අමතර ගාස්තු අයකරගැනීම සඳහා, එම බෙදුම්කරුවන් හට පැහැදිලි ලෙස අවාසිදායක වන නව ගිවිසුම් අත්සන් කිරීමට පෙළඹවීම පිණිස, ඔවුන් බියගැන්වීමේ සහ බලහත්කාරකම් කිරීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බව චෝදනා කරමින්, සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් හරහා ක්‍රියාත්මක වන බෙදුම්කරුවන් කිහිපදෙනකු සංස්ථාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇත.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් මගින් ක්‍රියාත්මක වන, (“CODO බෙදුම්කරුවන්” ලෙස හැදින්වෙන) බෙදුම්කරුවන් කිහිපදෙනකු, DSP 354, 355, 356, සහ 357/2025 අංක දරන නඩු ගොනුකර චෝදනා කර සිටින්නේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් CODO බෙදුම්කරුවන් හට, “මාසික උපයොගීතා ගාස්තුව” නමැති නව ගාස්තුවක් ගෙවීමට, අනීතික ලෙසත්, දැනට ඔවුන් සහ සංස්ථාව අතර පවතින ගිවිසුමෙහි කොන්දේසිවලට පටහැනි ලෙසත්, බලකිරීමට උත්සාහ දරන බවයි.
මෙකි බෙදුම්කරුවන් විසින් ගොනුකරන ලද පැමිණිල්ලට අනුව, ඔවුන් ප්‍රකාශකර සිටින්නේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ CODO බෙදුම්කරුවන් අතර දැනට පවතින බෙදුම්කර ගිවිසුම ප්‍රකාරව මෙම නව ගාස්තුව අයකිරීමට නොහැකි බව වටහාගත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, CODO බෙදුම්කරුවන් හට නව බෙදුම්කරු ගිවිසුම් අත්සන් කිරීමට බලකිරීම ආරම්භ කර ඇති බවත්, එමඟින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට එවැනි “මාසික උපයෝගිතා ගාස්තුවක්” අයකිරීමට අවස්ථාවක් සලසවන බවත්ය.
මෙම බෙදුම්කරුවන් වැඩිදුරටත් ප්‍රකාශකර සිටින්නේ, යෝජිත නව බෙදුම්කරු ගිවිසුම් වෙත එළඹීමට ඔවුන් විරෝධය පළකිරීම මත, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එහි ප්‍රාදේශීය කළමනාකරුවන් හරහා ක්‍රියාකරමින්, බියගැන්වීමේ සහ බලහත්කාරකම් කිරීමේ ව්‍යාපාරයකට යොමුවී ඇති බවය.
මෙයට, පවතින ණය පහසුකම් ඉවත් කරගන්නා බවට තර්ජනය කිරීම සහ හිතාමතා ඉන්ධන බෙදාහැරීම් ප්‍රමාද කිරීම ඇතුළත් වන අතර, එමඟින් අලෙවිකරුවන්ට පැහැදිලි ලෙස අවාසිදායක ගිවිසුම් වෙත එළඹීමට, ඔවුන්ට බලපෑම් කිරීම අරමුණු කර ගෙන ඇති බව ඔවුහු පවසති.
ඒ අනුව, DSP 354, 355, 356, සහ 357/2025 අංක දරන නඩු 2025 නොවැම්බර් 13 වන දින කොළඹ දිස්ත්‍රික් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර, එහිදී අධිකරණය විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart