
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් ආසන්නයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් 27 දෙනෙකු තුවාල ලබා තිබේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ එය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවයි.
පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි වාර්තාකරුවන්ට පැවසුවේ එරට වේලාවෙන් දහවල් 12.39 ට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවයි. බෝම්බකරු අධිකරණ ගොඩනැගිල්ල දෙසට පා ගමනින් ඇතුළු වීමට උත්සාහ කළ නමුත්, විනාඩි 10 සිට 15 දක්වා එහි රැඳී සිටීමෙන් පසු පොලිස් වාහනයක් ආසන්නයේදී ඔහු සතුව තිබූ උපාංගයක් පුපුරුවා හැර ඇති බව නක්වි එම ස්ථානයේ නිරික්ෂණයට පැමිණ සිටින අවස්ථාවේදී වාර්තාකරුවන්ට පැවසීය.
කළු කබා සහ සුදු කමිස ඇඳගත් නීතිඥයින් විය හැකි ඇතැම් පුද්ගලයින් මාර්ගය අසල වාඩි වී ෂෙල් වෙඩි ප්‍රහාරයකින් කම්පනයට පත් වී සිටිනු එම ස්ථානයේ දර්ශනවලින් පෙන්නුම් කෙරිණි. ඔවුන්ගේ කමිසවල රුධිරය පවතින අයුරු ද විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
එය මෝටර් රථ බෝම්බයක් බව පොලිස් නිලධාරීන් වාර්තාකරුවන්ට පැවසීය. පිපිරීම හමුවේ අධිකරණය ආසන්නයේ නවතා තිබූ තවත් වාහන කිහිපයකට ද හානි සිදුව තිබේ.
නඩු කටයුතු සඳහා අධිකරණයට විශාල පිරිසක් පැමිණ සිටින අවස්ථාවක පිපිරිම සිදුව ඇතැයි ද පොලිසිය පැවසීය.
කිසිදු පාර්ශවයක් මෙතෙක් ප්‍රහාරයේ වගකීම භාරගෙන නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart