
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය ආණ්ඩුව සමයේදී හිටපු ජනාධිපතිවරු, මැති ඇමැතිවරු ඇතුළු දේශපාලකයන් විසින් නිල නිවෙස් ලෙස භාවිත කරන ලද රජයේ නිවාස 34ක් මේ වන විට නැවත රජයට භාර දී තිබේ. කොළඹ 7 ප්‍රදේශයේ නිවාස 21ක් සහ කොළඹ 5 ප්‍රදේශයේ නිවාස 13ක් මේ අනුව නැවත රජයට භාර දී ඇත.
කොළඹ 7 විජේරාම මාවතේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රැඳීසිටි නිල නිවෙස සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රැඳීසිටි කොළඹ 7, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ නිල නිවෙස සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග රැඳීසිටි කොළඹ 7, නිදහස් මාවතේ නිල නිවෙස රජයට නැවත භාරගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින බව රාජ්‍ය පරිපාලන, පළාත් සහා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
බෞද්ධාලෝක මාවතේ ඉන්දික අනුරුද්ධ, නිමල් සිරිපාල ද සිල්වා, සනත් නිශාන්ත හිටපු ඇමැතිවරු රැඳී සිටි නිවාස, විජේරාම මාවතේ කෙහෙළිය රඹුක්වැල්ල, මනූෂ නානායක්කාර, ලසන්ත අලගියවන්න, ජානක වක්කුඹුර, ශාන්ත බණ්ඩාර, ඩී.බී.හේරත්, ඩී.වී. චානක, අරුන්දික ප්‍රනාන්දු, මොහාන් ප්‍රියදර්ශන සිල්වා හිටපු ඇමැතිවරු රැඳීසිටි නිවාස මෙසේ නැවත රජයට භාර දී ඇත.
එමෙන්ම කොළඹ 7, ග්‍රෙගරි මාවතේ දිලුම් අමුණුගම රැඳීසිටි නිල නිවස ද නැවත භාරදී ඇත.
හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි නිවෙස් 6ක් ද නැවත භාර දී ඇති අතර, ඒවායේ රැඳීසිට ඇත්තේ අජිත් රාජපක්ෂ, අශෝක ප්‍රියන්ත, සිසිර ජයකොඩි, අරවින්ද කුමාර, ජගත් පුෂ්පකුමාර යන අයයි. ඉන් එක් නිවෙසක් අගමැති කාර්යාලය සතුව පැවැතියකි.
ස්ටැන්මොර් පෙදෙසේ පිහිටා ඇති හිටපු විපක්ෂ නායකවරයකු වන ආර්. සම්පන්දන්, රමේෂ් පතිරණ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මහින්ද අමරවීර රැඳීසිටි නිල නිවාස සහ කොළඹ 5 ස්කෙල්ටන් පාරේ දුමින්ද දිසානායක, හරීන් ප්‍රනාන්දු, ජොන්ස්ටන් ප්‍රනාන්දු රැඳීසිටි නිල නිවාස ද නැවත භාරදී ඇත.
කොළඹ 5 කැප්පෙටිපොළ පාරේ කාංචන විජේසේකර, ගාමිණි ලොකුගේ, සී.බී. එත්නායක, ෂෙහාන් සේමසිංහ, අලි සබ්රි, තේනුක විදානගමගේ යන අය රැඳීසිටි නිල නිවෙස් ද යළි රජයට භාර ගෙන ඇත.
කෙහෙළිය රඹුක්වැල්ල, සනත් නිශාන්ත, දිලුම් අමුණුගම සහ ආර්. සම්පන්දන් රැඳීසිටි නිල නිවාස විශේෂ අධිකරණ පිහිටුවීම සඳහා තාවකාලික පදනම මත අධිකරණ අමාත්‍යාංශයට භාර දීමට පසුගියදා රජය තීරණය කළේය.
ඒ අනුව ඊට කැබිනට් අනුමැතිය ද හිමිවිය.
මෙසේ යළි පවරාගත් අනෙකුත් නිවෙස් ද වෙනත් විශේෂ කාර්යයන් සඳහා විවිධ ආයතන වෙත ඵලදායි අයුරින් ලබාදීමට නියමිත බව රාජ්‍ය පරිපාලන, පළාත් සහා සහ පළාත් පාලන අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart