
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අම්පාරේ ඉදිකෙරුණු මහත්මා ගාන්ධි ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියේ නිවාස බදාදා (29) විවෘත කර ප්‍රතිලාභී පවුල් 24 සඳහා භාර දී තිබේ.
නිවාස ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ විසින් බදාදා (29) ඒකාබද්ධව භාරදෙන ලදී.
ඉන්දියානු රජයේ ප්‍රදාන ආධාරයෙන් ශ්‍රී ලංකාවේ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළම ආදර්ශ ගම්මාන නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
2017 ඔක්තෝබර් මාසයේදී මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.
මෙම ව්‍යාපෘතියට ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් 600ක් සඳහා නිවාස පහසුකම් ඇතුළත් වන අතර, දිස්ත්‍රික් නිවාස කමිටු විසින් තෝරාගත් පවුල් සඳහා දිස්ත්‍රික්කයකට නිවාස 24 බැගින් වූ ආදර්ශ ගම්මානයක් පිහිටුවනු ලැබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ ඇති ආදර්ශ ගම්මාන මීට පෙර මඩකලපුව, වව්නියාව, යාපනය, මහනුවර, ගම්පහ, අනුරාධපුර, බදුල්ල, මාතලේ, පුත්තලම, කොළඹ, ත්‍රිකුණාමලය, මොනරාගල, කිලිනොච්චි, මන්නාරම, මුලතිව් සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 16ක විවෘත කර භාර දී ඇත.
ව්‍යාපෘතියේ ප්‍රගතිය 98%කට ආසන්න වන අතර ඉතිරි ආදර්ශ ගම්මාන ද ඉක්මනින් විවෘත කර ප්‍රතිලාභීන්ට භාර දීමට අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart