October 25, 2025

අද (25) අලුයම අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ ‘රජරට රැජිණ’ දුම්රියේ එන්ජිමේ ගින්නක් ඇති විය.

අලුයම 5.00 ට පිටත්වීමට පෙර සිදු වූ මෙම සිද්ධිය නිසා ගමන පැය දෙකකට අධික කාලයක් ප්‍රමාද විය.

දුම්රිය අනුරාධපුර දුම්රිය ස්ථානයට ආපසු ගෙන ගිය අතර, එහිදී ආදේශක එන්ජිමක් සවිකර පෙ.ව. 7.30 ට පමණ නැවත ගමන ආරම්භ කරන ලදී.

ගින්න ඇතිවීමට හේතුව තවමත් නිශ්චය කර නොමැත.