
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මිදිගම රුවන් නමැත්තා පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මිදිගම රුවන් නමැත්තා තමන් ඝාතනය කිරීමට සුදානමින් සිටින බව ලසන්ත වික්‍රමසේකර මරාදැමීමට පෙර පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබිණි.
මිදිගම රුවන්ගේ ගෝලයන් දෙදෙනකු අවි ආයුධත් සමග එස්.ටී.එෆ්. අත්අඩංගුවට ගැනීමට ඔත්තුව ලබාදුන්නේ ලසන්ත වික්‍රමසේකර බවට සැකයක් ඔහුට මතුවීම නිසා ඊට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
කෙසේවෙතත් මේ වනතුරුත් මෙම ඝාතනය සම්බන්ධයෙන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැත.
“සමාජ මාධ්‍යන් ඔස්සේ මාගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයෙන් මිදිගම රුවන් හෙවත් රුවන් ජයසේකර නමැති පුද්ගලයා විසින් මුහුණුපොත හරහා පෝස්ටුවක් පළකර ඇති ආකාරය මා හට දැනගන්නට ලැබුණු අතර ඉදිරියේදී එම පෝස්ටුවේ පිටපතක් ඉදිරිපත් කිරීමට මා හට හැකියාවක් ඇති බව ද කියාසිටිමි. මීට පෙර අවස්ථාවන්වලදී විවිධ පුද්ගලයන්ගේ නම් පළකර මා ඔවුන්ගේ සමීපතමයින් බවට සඳහන් කරමින් මාගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයේ තොරතුරු සමාජ මාධ්‍ය හරහා මුදාහැර තිබුණි. මා අධිකරණයට පැමිණි අවස්ථාවකදී හෝ ප්‍රාදේශීය සභාවෙන් පිටත්වන අවස්ථාවක මා ඝාතනය කිරීමට උත්සාහ කරන බවට මා හට විශ්වාසයක් පවතින බවට සැල කරමි” යනුවෙන් ඝාතනයට ලක්වූ ලසන්ත වීක්රමසේකර 2025.08.29 දාතමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට ලිපියක් යොමුකර තිබිණි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart