
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට තුළ පැතිරයන ඉන්ෆ්ලුවෙන්සා ඒ සහ බී ආසාදනවල සැලකිය යුතු ඉහළ යාමක් පිළිබඳව සෞඛ්‍ය නිලධාරීන් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, ඔවුන් පවසන්නේ එම වෛරස රෝගයෙන් වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ දරුවන් බවයි.
Daily Mirror වෙත අදහස් දක්වමින් ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහේෂක විජයවර්ධන පවසා ඇත්තේ, වැසි සහිත මාසවලදී සහ වසර අවසාන වන විට සෘතුමය වසංගත විශේෂයෙන් ක්‍රියාකාරී වන අතර දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පෙර පාසල් සහ පාසල්වල ළමුන් වඩාත් අවදානමට ලක්විය හැකි බවයි.
මෙහිදී බොහෝ දරුවන්ට හදිසියේ හටගන්නා උණ, කැස්ස, උගුරේ අමාරුව, නාසයෙන් දියර ගැලීම සහ තෙහෙට්ටුව ඇති වන අතර, ඇතැම් දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ, කණ ආශ්රිත ආසාදන හෝ විශේෂයෙන් ඇදුම රෝගීන් අත්විඳින හුස්ම හිරවීම දැකිය හැකිය.
එමෙන්ම කුඩා දරුවන්ට වමනය සහ පාචනය ඇති විය හැකි අතර, ඇතැම්විට ඔවුන් විජලනයට ලක්වීමට හැකි බවත් වෛද්‍ය විජයවර්ධන පෙන්වා දෙයි.
ඇතැම් අවස්ථාවලදී ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ස්නායු පද්ධතියට බලපෑම් කළ හැකි අතර, ඒ හමුවේ අවුරුදු දෙකකට අඩු ළදරුවන්ට සහ නිදන්ගත රෝග ඇති දරුවන්ට නියුමෝනියාව සහ දරුණු ශ්වසන සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් පවතී.
එබැවින්, සෞඛ්‍ය විශේෂඥයන් මව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙවැනි රෝග ලක්ෂණ පවතින්නේ, නම් තම දරුවන් පිළිබඳ වඩාත් අවධානයෙන් සිටින ලෙස සහ වේගවත් හෝ අපහසු හුස්ම ගැනීම, නොනවතින වමනය, ආහාර අරුචිය හෝ අසාමාන්‍ය නිදිමත වැනි දරුණු රෝගාබාධවල දිස්වන්නේ නම් දරුවන් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරන ලෙසයි.
නිතර අත් සේදීම, රෝගී දරුවන් සම්පූර්ණයෙන්ම සුවවන තුරු නිවසේ තබාගැනීම වැනි වැළැක්වීමේ පියවර මගින් රෝග පැතිරීම සීමාකිරීමේ හැකියාව පවතී.
අධි අවදානම් සහිත දරුවන් සඳහා එන්නත් ලබාගන්නා ලෙස ද නිර්දේශ කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart