October 23, 2025

වසන්ත සමයේදී වාර්තාගත උණුසුමක් වාර්තා විමෙන් අනතුරුව අයිස්ලන්තයෙන් පළමු වරට මදුරුවන් කිහිපදෙනෙකු සොයාගෙන ඇතැයි වාර්තා වේ.

පර්යේෂක බ්ජෝර්න් හ්ජල්ටසන් පසුගිය සතියේ රාත්‍රී කිහිපයකදී සලබයන් නිරීක්ෂණය කරමින් සිටියදී මදුරු දෂ්ටනයට මුහුණ පා ඇතැයි එරට ජනමාධ්‍ය වාර්තා කළේය.

එහිදී හ්ජල්ටසන් ගැහැණු මදුරුවන් දෙදෙනෙකු සහ එක් පිරිමි මදුරුවකු සොයාගත් අතර, පසුව එම කෘමින් Culiseta annulata බව තහවුරු කර තිබේ.

එම වර්ගය ශීත ඍතුවේ දී සාර්ථකව ආරක්ෂා වී සිටිය හැකි මදුරු විශේෂ ඉතා සුළු ප්‍රමාණයකින් එකක් ලෙස සැලකේ.

මෙලෙස පළමුවරට එම මදුරු විශේෂය සොයාගැනීමට පෙර ලෝකයේ මදුරුවන්ගෙන් තොර කලාප දෙකක් පැවති අතර, අයිස්ලන්තය හැරුණු කොට එම අනෙක් කලාපය වූයේ ඇන්ටාක්ටිකාවයි.

මදුරුවන් හමු වූයේ අයිස්ලන්ත අගනුවර වන රේක්ජාවික් හි නිරිත දෙසින් පිහිටි ග්ලැසියර නිම්නයක් වන ක්ජෝස් හිදී ය.