
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රංශයේ සිට රටවල් 13ක් හරහා බයිසිකලයෙන් ගමන් කළ තරුණයෙක් යාපනයට පැමිණ තිබේ.
“Paris to Jaffna” පාඨය තේමා කරගනිමින් දියත් කළ මෙම ගමන ආරම්භ කර තිබුණේ යාපනයේ නල්ලූර් හි උපන්, එහෙත් දැනට ප්‍රංශයේ ජීවත්වන සූරන් නම් 28 හැවිරිදි තරුණයකු විසින්ය.
ඔහුගේ සංචාරයේ ගමනාන්තය ඊයේ යාපනයේදී සනිටුහන් කෙරිණි.
ඊයේ යාපනයට ළඟාවූ සූරන් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, ඔහු ප්‍රසිද්ධ නල්ලූර් කන්දස්වාමි කෝවිල සහ යාපනය මහජන පුස්තකාලය ඇතුළු කැපීපෙනෙන ස්ථාන කිහිපයක් නැරඹීමට ගියේය.
සිය ගමන පිළිබඳව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් සුරන් පැවසුවේ, තමන් 2025 සැප්තැම්බර් 1 වැනි දින පැරිසියේ සිට මෙම ගමන ආරම්භ කළ බවයි.
ඒ අනුව ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රියාව, ස්ලෝවැකියාව, හංගේරියාව, සර්බියාව, බල්ගේරියාව, තුර්කිය, ජෝර්ජියාව, කසකස්තානය, උස්බෙකිස්තානය, ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව හරහා ගමන් කළ අතර, ඊයේ යාපනයට ළඟා වීමට පෙර සිය පාපැදියෙන් කිලෝමීටර් 10,000 කට ආසන්න දුරක් ගමන්කළ බව ඔහු පැවසුවේය.
“මගේ ඉලක්කය වූයේ මගේ පවුල සමඟ නැවත එක්වීම පමණක් නොව, යාපනයේ සංස්කෘතික වැදගත්කම ලෝකයට ඉස්මතු කිරීමයි. යාපනය අර්ධද්වීපයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට සහ ගෝලීය දෙමළ ඩයස්පෝරාවට ඔවුන්ගේ මව්බිම සමඟ ශක්තිමත් චිත්තවේගීය හා සංස්කෘතික සබඳතා පවත්වා ගැනීමට පෙළඹවීමට අර්ථවත් අවස්ථාවක් නිර්මාණය කිරීමට ද මම බලාපොරොත්තු වෙනවා.” සූරන් වැඩිදුරටත් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart