
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපේක්ෂිත බදු ආදායම් ඉලක්ක සපුරාගැනීම සඳහා රජය ජනතාවට මත්පැන් පරිභෝජනය කිරීමට ඉඩ සැලසිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේදී පැවසීය.
“මිනිස්සුන්ට මත්පැන් මිලදී ගන්න බැරිනම් ඔබට අපේක්ෂිත බදු ආදායම රැස් කර න්න වෙන්නේ නැහැ. මේ නිසා මම අතිවිශේෂ අරක්කු (ගල් අරක්කු) මිල අඩු කිරීම සඳහා යෝජනා කරනවා. අද අතිවිශේෂ අරක්කු බෝතලයක මිල රු.4000 කට වඩා වැඩියි. බෝතලයක මිල දැරිය හැකි නම් මිනිසුන් මත්පැන් මිලදී ගෙන බොනවා. අතිවිශේෂ අරක්කු බෝතලයක් රු. 2500 කට අලෙවි කරන්න පුළුවන් ”ඔහු පැවසුවේය.
සහල් ආනයනය කිරීමට අවසර දීම සඳහා ගැසට් පත්‍රය නිකුත් කිරීමට පෙර සිටම රජයේ හෝ වෙළඳ අමාත්‍යවරයාගේ සමීපතමයන් වන ව්‍යාපාරිකයන් පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පොන්නි සම්බා සහ පාල් සම්බා බහාලුම් ගෙන්වා ඇති බව ද මන්ත්‍රීවරයා පැවසීය.
“ගැසට් එක නිකුත් කරලා දවසකට පස්සේ දකුණු ඉන්දියාවේ ඉඳන් කොළඹ වරායට බහාලුම් ඇවිත් තියෙනවා. පාල් සම්බා කිලෝවක් රුපියල් 340 කට අලෙවි කරන්න වෙනවා. පොන්නි සම්බා කිලෝවක් රුපියල් 260 කට අලෙවි කරනවා. මේ ව්‍යාපාරිකයන් විසින් අනෙකුත් ආනයනකරුවන්ට සහල් තොග මිලදී ගැනීමට අවස්ථාව දීලා නැහැ. දීපවාලි නිසා දකුණු ඉන්දියාවේ දිගු නිවාඩුවක් තියෙන නිසා දැන් මිලදී ගන්න බැහැ,” ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart