
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නදීෂා රාමනායක සමත් විය.
ඇගේ තරග නිමි කාලය තත්ත්පර 52.61කි.
එම ඉසව්වේ රිදී පදක්කම උස්බෙකිස්තානයටත් ලෝකඩ පදක්කම ඉන්දියාවටත් හිමිවිය.
තරගාවලිය පැවැත්වෙන්නේ තායිලන්තයේ බැංකොක් හිදීය.
නදීෂාගේ මෙම දක්ෂතාව හමුවේ මීටර 400 ඉසව්වේ ආසියානු මළල ක්‍රිඩා තරගාවලියක දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිවුයේ වසර 23කට පසුවය.
එම ඉසව්වේ ආසියානු වාර්තාවට හිමිකම් කියන දමයන්ති දර්ශා විසින් 2000 වසරේදි ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දුන්නාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart