October 19, 2025

පොලිස් දෙපා­ර්ත­මේ­න්තුවේ ඉහළ නිල­ධා­රීන්ගේ සිට පහළ නිල­ධා­රීන් දක්වා විවිධ තරා­ති­රමේ නිල­ධා­රීන් රැසක් සංවි­ධා­නා­ත්මක අප­රාධ කණ්ඩා­යම් සමග සම්බ­න්ධතා පවත්වා ඇතැයි හෙළි වීම නිසා, එම කණ්ඩා­යම් පිළි­බඳ විම­ර්ශ­නය කිරීම සඳහා පොලිස් විශේෂ විම­ර්ශන ඒක­කයේ බල­තල වැඩිකිරීම කෙරෙහි අව­ධා­නය යොමු වී තිබේ.

පොලි­ස්ප­ති­ව­ර­යාගේ ඍජු අධී­ක්ෂ­ණය යටතේ ක්‍රියා­ත්මක වන පොලිස් විශේෂ විම­ර්ශන ඒක­කය පොලිස් නිල­ධා­රීන්ගේ අභ්‍ය­න්තර හැසි­රීම්, චෝදනා පිළි­බඳ විමර්ශ සිදු කරයි. එම ඒක­ක­යට මේ වන විට අනු­යුක්ත කර සිටින නිල­ධා­රීන් සංඛ්‍යාව ප්‍රමා­ණ­වත් නොවීම නිසා එහි විම­ර්ශන ප්‍රමාද වන බව හඳු­නා­ගෙන ඇත. එබැ­වින් මේ ඒක­ක­යට තවත් නිල­ධා­රීන් පිරි­සක් අනු­යුක්ත කිරී­ම­ටත්, ඔවුන්ට බුද්ධි අංශ සමඟ ඍජු සම්බ­න්ධතා පැවැ­ත්වී­මට අවශ්‍ය අව­ස­රය දීම­ටත් සැල­සුම් කර තිබේ.

සංවි­ධා­නා­ත්මක අප­රාධ කණ්ඩා­යම් සාමා­ජි­ක­යන්ගේ දුර­ක­තන සම්බ­න්ධතා පිළි­බඳ නිරී­ක්ෂ­ණය කිරී­මේදී හෙළි­ද­රව් වී ඇත්තේ පොලී­සියේ නිල­ධා­රීන් රැසක් ඔවුන් සමඟ සම්බ­න්ධතා පවත්වා ඇති බවයි.

කෙසේවෙතත් එම ඇතැම් නිල­ධා­රීන් ඔවුන් සමග ඍජු සම්බ­න්ධතා පවත්වා නැති බවත්, ඔවුන් වෙනත් නිල­ධා­රීන්ගේ උප­දෙස් සහ නියෝග මත ඇතැම් කට­යුතු සිදුකර ඇති බවත් අනා­ව­ර­ණය වීම නිසා ඔවුන් පිළි­බඳ මූලික විම­ර්ශන මේ ඒක­කය මඟින් සිදුකිරී­මට නිය­මි­තය.(සිළුමිණ)