
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සිට පහළ නිලධාරීන් දක්වා විවිධ තරාතිරමේ නිලධාරීන් රැසක් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධතා පවත්වා ඇතැයි හෙළි වීම නිසා, එම කණ්ඩායම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ බලතල වැඩිකිරීම කෙරෙහි අවධානය යොමු වී තිබේ.
පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන පොලිස් විශේෂ විමර්ශන ඒකකය පොලිස් නිලධාරීන්ගේ අභ්‍යන්තර හැසිරීම්, චෝදනා පිළිබඳ විමර්ශ සිදු කරයි. එම ඒකකයට මේ වන විට අනුයුක්ත කර සිටින නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නිසා එහි විමර්ශන ප්‍රමාද වන බව හඳුනාගෙන ඇත. එබැවින් මේ ඒකකයට තවත් නිලධාරීන් පිරිසක් අනුයුක්ත කිරීමටත්, ඔවුන්ට බුද්ධි අංශ සමඟ ඍජු සම්බන්ධතා පැවැත්වීමට අවශ්‍ය අවසරය දීමටත් සැලසුම් කර තිබේ.
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයන්ගේ දුරකතන සම්බන්ධතා පිළිබඳ නිරීක්ෂණය කිරීමේදී හෙළිදරව් වී ඇත්තේ පොලීසියේ නිලධාරීන් රැසක් ඔවුන් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවයි.
කෙසේවෙතත් එම ඇතැම් නිලධාරීන් ඔවුන් සමග ඍජු සම්බන්ධතා පවත්වා නැති බවත්, ඔවුන් වෙනත් නිලධාරීන්ගේ උපදෙස් සහ නියෝග මත ඇතැම් කටයුතු සිදුකර ඇති බවත් අනාවරණය වීම නිසා ඔවුන් පිළිබඳ මූලික විමර්ශන මේ ඒකකය මඟින් සිදුකිරීමට නියමිතය.(සිළුමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart