
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය වසරේ පැවති මැතිවරණයට පෙර අක්‍රමවත් ක්‍රියාපටිපාටි හරහා ලංකා සතොස සේවකයන් 850 දෙනෙකු සේවයේ ස්ථිර කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) අනාවරණ කර තිබේ.
ලංකා සතොස නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී මෙම හෙළිදරව්ව සිදු කරන ලදී.
ලංකා සතොස ආයතනයේ ජ්‍යෙෂ්ඨ තනතුරු අටක් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගෙන ඇති බව කෝප් සභාපති නිශාන්ත සමරවීර ප්‍රකාශ කළේය.
“වසර 2 ක් සඳහා ලබා දී ඇති කොන්ත්‍රාත්තුව 2024 සැප්තැම්බර් මාසයේ තිබුණු බෝඩ් මීටිං එකකදී වසර 5 දක්වා දීර්ඝ කරලා. එතකොට මෙම තනතුරුවල වසර 5ක් රැඳී ඉන්න පුළුවන්. ප්‍රතිලාභ පැකේජයේ ගැටළු කිහිපයක් තිබෙනවා. ප්‍රධාන විධායක නිලධාරියකුගේ මූලික වැටුප රු. 173,000ක්. මෙම වැටුපට සඳහා කිසිවකු බඳවා ගන්න බැහැ.” යැයි ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා පැවසුවේය.
ආයතනයේ ප්‍රධාන තනතුරු කොන්ත්‍රාත් පදනම මත දැරීම ප්‍රයෝජනවත් නොවන බව සභාපති සමරවීර තවදුරටත් සඳහන් කළේය.
ලංකා සතොස සභාපතිවරයා “මම එය පිළිගන්නවා” යනුවෙන් ප්‍රතිචාර දැක්වීය.
2024 ජූලි මැතිවරණයට පෙර සේවකයන් 850ක් පමණ ඔවුන්ගේ තනතුරුවල ස්ථිර කර ඇති බව කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.
ලංකා සතොස ජ්‍යෙෂ්ඨ කළමනාකරු සිසිර ගුණවර්ධන තහවුරු කිරීමේ ක්‍රියාවලිය ගැටළු සහගත බව පිළිගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart