October 11, 2025

මහනුවර, තැන්නකුඹුර ප්‍රදේශයෙන් අතුරුදහන් වූ බවට වාර්තා වූ පිරිමි ළමුන් දෙදෙනකුගේ මළසිරුරු මහවැලි ගඟෙන් සොයාගෙන ඇත.

තැන්නකුඹුර පාලමේ සිට කිලෝමීටර් දෙකහමාරක් දුරින් පිහිටි ගුරුදෙණිය ප්‍රදේශයෙන් ඔවුන්ගේ මළසිරුරු සොයාගෙනා තිබේ.

එක් පිරිමි ළමයෙකුගේ මව විසින් බදාදා සවස සිට තම පුතා සහ තවත් පිරිමි ළමයෙකු අතුරුදහන් වී ඇති බවට පොලිසියට පැමිණිලි කර තිබිණි.