
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ කර ඇති අසත්‍ය ප්‍රකාශ ගැන අධිකරණයට වාර්තා කර නීතිමය කටයුතු කරන බව පොලිස් මූලස්ථානය ඊයේ (10දා) නිවේදනය කර තිබේ.
ජනමාධ්‍ය හමුවකදී වීරවංශ කර ඇති ප්‍රකාශවලට අදාළ කරුණු තහවුරු කිරීමේ කිසිදු සාක්ෂියක් ඔහු විසින් තංගල්ල පොලිසියේ අපරාධ කොට්ඨාසය හමුවේ පෙරේදා (09දා) කරන ලද ප්‍රකාශවලින් තහවුරු කර නැති බව ද එහි දැක් වේ.
මේ අතර තමා විසින් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාල වෙත ලබාදුන් ප්‍රකාශය පොලිසිය විසින් ජනමාධ්‍ය වෙත ලබාදී ඇත්තේ විකෘති කර බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ෆේස්බුක් සටහනක් තබමින් කියා සිටී.
‘මා විසින් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාල වෙත ලබාදුන් ප්‍රකාශය විකෘති කොට මාධ්‍යවලට ලබාදීම සම්බන්ධවයි’ යන සිරස්තලයෙන් යුතුව වීරවංශ තැබූ ෆේස්බුක් සටහන මෙසේය.
‘පසුගියදා අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන පුද්ගලයා සම්බන්ධව මා විසින් මාධ්‍ය හමුවක දී හෙළිදරව් කරනු ලැබූ තොරතුරු සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලයට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස සිදුකරනු ලැබූ දැනුම්දීමට අනුව පෙරේදා (ඔක්තෝබර් 09) මා අදාළ කාර්යාලය වෙත ගොස් සියලු තොරතුරු සමගින් මාගේ සම්පූර්ණ ප්‍රකාශය ලබා දුනිමි.
මා විසින් අදාළ කාර්යාලයට ලබාදුන් සම්පූර්ණ ප්‍රකාශයේ කොටස් කිහිපයක් පමණක් පොලීසිය විසින් අද දින මාධ්‍යයට නිකුත් කොට ඇත.
පැය තුනකට ආසන්න කාලයක් මා විසින් ලබාදුන් සම්පූර්ණ ප්‍රකාශයෙන් උපුටාගෙන ඇති කොටස් පොලිසිය විසින් හිතාමතාම සංශෝධනය කොට මෙසේ මාධ්‍යයට ලබාදී තිබේ. ඒවා පොලිසියට අවශ්‍ය පරිදි සංශෝධනය කරගෙන මෙසේ පළ කිරීම මගින් පොලිසිය උත්සාහ කරන්නේ පුවක්දණ්ඩාවේ සනා සහ ඔහුගේ දේශපාලන සබඳතා පිළිබඳව සත්‍ය සමාජයෙන් සැඟවීමටදැයි සැකයක් ද ඇතිවේ.
සමාජයේ කතිකාවකට ලක්වන කරුණක් සම්බන්ධයෙන් පොලිසියට ලබාදුන් ප්‍රකාශය විමර්ශනය කර ඒවායේ සත්‍ය සොයා ගන්නවා වෙනුවට තමන්ට ඇවැසි පරිදි ඒවා සංශෝධනය කොට සමාජගත කිරීම මගින් පොලිසිය තමන්ගේ ස්වාධීනභාවය ද ප්‍රශ්නයට ලක්කර ගනියි.
පොලිසිය විසින් මාධ්‍යයට නිකුත් කරන ලද එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම විකෘති කරන ලද ප්‍රකාශයක් වන අතර එය නීතිගරුක පොලිසියකට ගැළපෙන කටයුත්තක් නොව, ආණ්ඩුවක මඩ බළකායකට ගැළපෙන කටයුත්තක් බවත් කිවයුතුය.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart