
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට අවිචාරවත් භික්ෂුන් විසින් ගස් පැවිදි කිරීම වැනි විගඩම් කිරීම නිසා ශාසනික සම්ප්‍රදායන් හෑල්ලුවී ඇතැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ පවසති.
මෑතකදි ගලවා ඉවත්කරනලද පඬුකරඳ ගස පවා පැවිදි කරනවා යැයි විගඩමක් කළ බවත්, එම ගස ඉවත් කිරිමෙන් පසු සමාජ මාධ්‍යයෙන් ගස් පැවිදි කිරිම යන්න හාස්‍යයට ලක්කර ඇති බවත්, උන්වහන්සේ කියති.
මෙම විකාරයන්ට මූලික හේතුව වී ඇත්තේ, එවන් භික්ෂුන්ට ධර්ම විනය හා ශාසනික සම්ප්‍රදාය ගැන අවබෝධයක් නැතිවීම බව විපස්සි හිමියෝ පවසති.
ගස් පැවිදි කිරිමක් පිලිබඳව ත්‍රිපිටකයේ කිසිම තැනක සඳහන් කර නොමැති බවත්, එය වෙනත් රටක සිදුකරනවා යැයි කියමින් ශාසනික සම්ප්‍රදායට නොගැලපෙන සේ ගස් පැවිදි කිරිම වැනි අදූරදර්ශි ක්‍රියාමාර්ග ගැනීම නිසා විශාල හානියක් සිදුවී ඇති බවත්, උන්වහන්සේ සඳහන් කර ඇත.
මෙවන් අවිචාරවත් වැඩ නොකරන ලෙස මීට පෙර කීප වතාවක්ම උන්වහන්සේ පවසා ඇති අතර, භික්ෂුව ධර්මය පිළිපදිනවා වෙනුවට සමාජය අදහන්නට යෑම නිසා දිනෙන් දිනම විනාශය කරා යෑම වැළැක්විය නොහැකියි යැයිද හෑගොඩ විපස්සි හිමියෝ කියති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart