
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මිදිගම රුවන්’ නමැත්තාගේ ගෝලයෙකු බව කියන පුද්ගලයෙකු ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5.6 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
ඒ, හබරාදුව සහ බද්දේගම ප්‍රදේශවල සිදු කළ වැටලීම්වලදීයි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 40 ක් පමණ වන බව ද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක ධීවර කටයුතුවල නියැලීමේ මුවාවෙන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බව අනාවරණ වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මිදිගම රුවන්’ නමැත්තාගේ සමීපතමයෙකු වන ‘මිදිගම රනා’ ද සිටින බව වාර්තා වේ.
එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මුහුදේ පාවෙමින් තිබියදී හමුව ඇති මෙම මත්ද්‍රව්‍ය තොගය තමන් ගොඩබිමට ගෙනැවිත් අලෙවිකළ බව සැකකරුවන් පොලීසියට පවසා තිබේ.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික් අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart