
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොකේන් කිලෝග්‍රෑම් 1.74ක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් නයිජීරියානු ජාතිකයකුට කොළඹ මහාධිකරණය මරණ දණ්ඩනය නියම කර ඇත.
මේ අතර 2020 වසරේදී අයිස් මත්ද්‍රව්‍ය (methamphetamine crystals) කිලෝග්‍රෑම් 45.6ක් සමඟ අත්අඩංගුවට ගත් තවත් විදේශිකයන් හත්දෙනකුට වසර දහය බැගින් සිර දඬුවම් නියම කර තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් 2020 අප්‍රේල් 10 වන දින අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45 කට වැඩි ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඉරාන ජාතිකයන් දෙදෙනකු සහ පාකිස්ථාන ජාතිකයන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරුවන්ට එරෙහිව පසුගිය වසරේ අධිචෝදනා ගොනු කර තිබූ අතර කොළඹ මහාධිකරණය විසින් ඔවුන්ට වසර 10 ක සිරදඬුවමක් ජුනි 26 වැනිදා නියම කරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart